25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්සුපර්ලීග් පාපන්දු අනු ශූරතාවය - 2021 ශ්‍රී ලංකා නාවික හමුදාවට

සුපර්ලීග් පාපන්දු අනු ශූරතාවය – 2021 ශ්‍රී ලංකා නාවික හමුදාවට

2021 අප්‍රේල් මාසයේ සිට, 2022 ජනවාරි මාසය දක්වා පැවති ලීග් පාපන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ Sea Hawks පාපන්දු සමාජය ප්‍රථම වරට ලීග් පාපන්දු අනු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

Sea Hawks ක්‍රීඩා සමාජය තරඟ නවයක් (09) ක් අතුරින් හයක් (06) ක් දිනා ගැනීමටත්, එක් තරඟයක් සම ලකුණු ලබා ගැනීමටත්, සමත් වූ අතර, තරඟ දෙකක් (02) ක් පමණක් පරාජය වී ලකුණු දහනවයක් (19) ලබා ගැනීමට සමත්විය. කොළඹ පාපන්දු සමාජය සමඟ පැවැති අවසන් මහා තරඟයෙන් ලකුණු තුනට දෙකක් (3-2) ලෙස Sea Hawks ක්‍රීඩා සමාජය ජයගත් අතර, සාමාන්‍ය නැවි එම්ඒඑම් හම්සීර් ගෝල 05ක් ලබා ගනිමින් තරගාවලියේ හොඳම ලකුණු රැස්කරන්නා බවටත්, ආධුනික නැවි උදයංග පෙරේරා තරඟාවලියේ හොඳම ගෝල රකින්නා බවටත් පත්විය. Sea Hawks ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස හිටපු ජාතික පාපන්දු කණ්ඩායම් නායකයා වන නායක නැවි පිඒඩීඑස් මධුෂාන් කටයුතු කටයුතු කරයි.

පැවති කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුවද ජපාන පුහුණුකරු Kenichi Yatsuhashi විසින් Sea Hawks කණ්ඩායමට අනුයුක්ත සියළුම ක්‍රීඩකයන් අඛණ්ඩව පුහුණු කරවීම සහ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වර්ධනය කිරීම මෙම ජයග්‍රහණයට මහත් පිටිවහලක් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments