29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිසිය නීති විරෝධි මත්ද්‍රව්‍ය වටලයි.

පොලිසිය නීති විරෝධි මත්ද්‍රව්‍ය වටලයි.

පානදුර උතුර පොලිස් වසමේ අජ්මිර් මාවතේදි පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 300ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 27ක්වන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොවුව පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ දෙවොල්මඩුවත්ත ප්‍රදේශයේදි ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරින් ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 240ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුව වයස අවුරුදු 28ක්වන ඉදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකි. සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.

පෑලියගොඩ පොලිස් වසමේ දරමඩුවත්ත ප්‍රදේශයේදි පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 120ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු පනහක්වන පෑලියගොඩ පදිංචිකරුවෙකි. සැකකරු අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 190ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. වයස අවුරුදු 47ක්වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකී. සැකකාරිය ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාඇල පොලිස් වසමේ වහටියගම , කණුවන හා දෑලතුර ප්‍රදේශවලදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 46 මිලි ලීටර් 500ක් සමග සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ජාඇළ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් 31ත් 49ත් අතර වයස්වල පසුවෙන ජාඇළ හා බෝපිටිට ප්‍රදේශවල පදිංචිකරුවෙති. සැකකරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments