29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL වෙතින් COVID-19 මැඩලීමේ ජාතික සටහනට තවත් අත්වැලක්.

SLT-MOBITEL වෙතින් COVID-19 මැඩලීමේ ජාතික සටහනට තවත් අත්වැලක්.

බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක්පරිත්‍යාග කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ දරන උත්සාහයට ලබාදෙන අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරිණි.

මෙම මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර, බලපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. සාමරත්න මහතා වෙත පසුගියදා භාරදෙන ලදි.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මෙවැනි නිරීක්ෂණ යන්ත්‍ර අතිශයින් වැදගත් වේ. බලපිටිය මූලික රෝහලට පරිත්‍යාග කරන ලදමල්ටිපැරා මොනිටර් යන්ත්‍ර වලවටිනාකම රු. මිලියන 1.5 කට අධික වන අතර, නවතම තාක්ෂණයෙන් හා විශේෂාංග වලින් සමන්විත එම යන්ත්‍ර, රෝගීන්ගේ හෘද ස්ඵන්දනය හා ශ්වසන වේගය ආදිය නිරීක්ෂණ කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.

COVID-19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ජාතික මට්ටමින් දරනු ලබන උත්සාහයන්ට තම පූර්ණ සහයෝගය ලබාදීමට SLT-MOBITEL කැපවී සිටී. මීට පෙර එම සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ රෝහල් 5 කට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමටද කටයුතු කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments