පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලිම් වලදී (27) කලවංචිකුඩි කදවුරේ නිලධාරින් පිරිසක් වෙල්ලාවලි පොලිස් විවේකානන්දපුරම් ප්‍රදේශයේදි විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සොයා ගෙන ඇත.
පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ සමනම්කූලම් රජයේ වනාන්තරයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක පමණ කැලෑ ප්‍රදේශයක් කපා එළිපෙහෙළි කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම් ඒකකය 11හි නිලධාරි පිරිසක් මාලඹේ පොලිස් වසමේ හෝකන්දර දකුණ ප්‍රදේශයේදි නීති විරෝධි අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරි මහරගම පොලිස් වසමේ ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේදි නීති විරෝධි අයිස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.ගොනහේන කඳවුරේ නිලධාරි පිරිසක් රාගම පොලිස් වසමේ අන්නාසි වත්ත, රාගම යන ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම යන වැරැදි යටතේ අයකු අත්අඩංගුවට ගෙන ඇත. රත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හික්කඩුව පොලිස් වසමේ දෙගල්ල, දොඩංදූව ප්‍රදේශයේ දි නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් කොස්ගම පොලිස් වසමේ මුරුතගම,අකරවිට ප්‍රදේශයේදි නීති විරෝධි මත්පැන් සහ ඒවා නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරින් පිරිසක් එම පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේදි නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් පූනෑව කඩාවැව ප්‍රදේශයේදි ප්‍රවාහන බලපත්‍ර නැතිව පස් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.