21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 05 ප‍්‍රහාරක ජෙට් බලඝණය 31 වන සංවත්සරය...

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 05 ප‍්‍රහාරක ජෙට් බලඝණය 31 වන සංවත්සරය සමරයි.

අංක 5 ජෙට් ප‍්‍රහාරක බලඝණය 1991 වසරේ පෙබරවාරි මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රෙය්දී FT-05 ජෙට් පුහුණු ගුවන් යානාවන් දෙකකින් සමන්විතව ආරම්භ කරන ලදි. එහි පළමු අණදෙන නිලධාරියා වශයෙන් ස්කෝඩ‍්‍රන් ලීඩර් එච්ඞී අබේවික‍්‍රම කටයුතු කල අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ද අංක 05 ප‍්‍රහාරක ජෙට් යානා බලඝණයේ අණදෙන නිලධාරිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
ගුවන් හමුදා ඉතිහාසයේ ශබ්දයේ වේගය පරදමින් පියාසර කල පලමු ගුවන් නියමුවන් සහ සුපර් සොනික් යුගයේ පුරෝගාමීන් වශයෙන් වත්මන් ගුවන් හමුදාපති එවකට ෆ්ලයිට් ලෙෆ්ටිනන් සුදර්ශන පතිරණ, ස්කෝඩ‍්‍රන් ලීඩර් පී ගුණසිංහ, ෆ්ලයිට් ලෙෆ්ටිනන් අයිජේඅයි විජෙතිලක සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් හෙන්දාවිතාරණ හැදින්විය හැක.

මෙම බලඝණය විසින් ආරම්භයේ සිට මේ දක්වා FT-07, FT-07, FT-7BS,MIG 27,MIG 23UB trainer, F-7 GS ප‍්‍රහාරක ජෙට් යානාවන් භාවිතා කරමින් ගුවන් ප‍්‍රහාරක සහ පහත් මට්ටමේ ප‍්‍රහාරක හැකියාවන් වැඩි දියුණු කර ගොඩබිම් හමුදාවන් හට ගුවනින් යුද සහය ලබාදීම, ගුවනේ සිට ගුවනේ ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කරමින් සතුරු ගුවන් යානාවන් විනාශ කිරීම සහ සන්නද්ධ අවේශන කාර්යන් සදහා නිර්මාණය කොට තිබේ.
ප‍්‍රහාරක නියමුවන්ගේ නිවහන වන අංක 5 බලඝනයට, මේ වන විට අණදෙන නිලධාරීන් 10 දෙනෙකු සිය නායකත්වය ලබාදී ඇති අතර වත්මන් අණදෙන නිලධාරි ලෙස විංග් කමාන්ඩර් රෝෂාන් පෙරේරා කටයුතු කරනු ලබයි. පසුගිය ඊළාම් යුද සමයන්හිදි සතුරු ඉලක්ක වෙත සාර්ථක බෝම්බ ප‍්‍රහාර එල්ල කොට ත‍්‍රස්තවාදීන්ගෙන් නැවත ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරිමේ හැකියාව දුර්වල කරමින් ඉදිරි පෙල සාර්ථක ප‍්‍රහාරයන් දියත් කිරීමට මෙම බලඝනයේ ගුවන් නියමුවන් සමත්විය. මෙම බලඝණය විසින් මේ වන විට ප‍්‍රහාරක නියමුවන් 25 දෙනෙකුට අදික පිරිසක් දැයට දායාද කර ඇත.
මානූෂීය මෙහෙයුමේදී 600කට වැඩි වූ ගුවන් සහ ගොඩබිම් ප‍්‍රතිපහාරක මෙහෙයුම් ප‍්‍රමාණයකට සිය දායකත්වය ලබාදුන් අංක 5 බලඝනය සිය 31 වන සංවත්සරය මෙම පෙබරවාරි 1 වන දින සමරනු ලබයි.

ජනාධිපති වර්ණයන්ගෙන්ද පිදුම් ලබා ඇති අංක 5 ප‍්‍රහාරක බලඝනය මාතෘ භූමියේ ගුවන් තලය සුරකිනු වස් ක‍්‍රියාත්මක පුමුඛතම ගුවන් ආරක්ෂකයන් වශයෙන් ජාතියට සිය සේවය අඛණ්ඩව ඉටුකරනු ලබන අතර නවීනතම යාවත්කාලීනයන් සහ ඉහල පුහුණුවකින් හෙබි කාර්යමාණඩලය සමගින් ඉදිරියටත් දේශයේ ස්වෛරීත්වය උන්නතිය වෙනුවෙන් සියදායකත්වය නොවඩුවම ලබාදෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments