26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් ලක්ෂ හතළියකට වැඩි හෂීස් තොගයක් හා තවත් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන්...

රුපියල් ලක්ෂ හතළියකට වැඩි හෂීස් තොගයක් හා තවත් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ හතළියකට වැඩි

වටිනාකමක් ඇති කිලෝ ග්‍රෑම් 04

කට ආසන්න හෂීස් මත්ද්‍රව්‍ය සමග

පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය

අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ

අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ

පොලිස් අධිකාරී සිල්වෙස්ටර්

විජේසිංහ මහතාට ලැබුණු

තොරතුරකට අනුව එම මහතාගේ

උපදෙස් පරිදි පසු මූලස්ථානයේ

විශේෂ වැටලීම් ඒකකයේ

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක

දේශප්‍රිය ඇතුළු නිලධාරීන්

කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් පොලිස්

වසමේ මහවත්ත පාර ප්‍රදේශයේ

වැටලීමක් සිදුකර හෂීස් කිලෝ 03

යි ග්‍රෑම් 926 ක් සමග වයස අවු.

34 ක පුද්ගලයකු අත්අඩංගුවට

ගෙන ඇත.

සැකකරුගේ නිවස විශේෂ

පරික්ෂාවකට ලක්කර සොයා ගත්

රහස් බංකරයක සූක්ෂම ලෙස

සගවා තබන ලද මෙම හෂීස්

තොගයේ වටිනාකම රු. ලක්ෂ

හතළියකට අධික වේ. තවද විද්‍යුත්

තරාධියක් ජංගම දුරකථන 02 ක්

අත්අඩංගුවට ගෙන ඇති අතර

සැකකරු හා භාණ්ඩ වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා පොලිස්

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත

භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය තව

ත් සිදුකළ වැටලීම්වලදී

ගෝනහේන කඳවුරේ නිලධාරි

පිරිසක් හෂීස් මත්ද්‍රව්‍ය ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

පොලිස් මත්ද්‍රව්‍යනාශක

කාර්යාංශය වෙත භාරදී

තිබේ.අම්බලන්තොට කඳවුරේ

නිලධාරි පිරිසක් නාවික හමුදා බුද්ධි

අංශයෙන් ලැබුණු තොරතුරකට

අනුව සිදුකරන ලැබු වටලීම්

දෙකකදී වියළි ගංජා ළඟ

තබාගෙන සිටි පුද්ගලයන් දෙදනකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා

හම්බන්තොට වරාය පොලිස්

ස්ථානය වෙත භාරදී ඇත. බුද්ධි

කොට්ඨාශයේ නිලධාරී පිරිසක්

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා මාලඹේ පොලිස්

ස්ථානය වෙත භාරදී තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරි

පිරිසක් නාවික හමුදා බුද්ධි

අංශයෙන් ලැබුණු තොරතුරකට

අනුව අයිස් මත්ද්‍රව්‍ය ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන වැඩිදුර විමර්ශන සඳහා

කිරිබත්ගොඩ පොලිස් ස්ථානය

වෙත භාරදී ඇත. පූගොඩ කඳවුරේ

නිලධාරි පිරිසක් හෙරොයින්

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා පූගොඩ

පොලිස් ස්ථානය වෙත භාරදී

තිබේ.දඹුල්ල කඳවුරේ නිලධාරි

පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා චීන වරාය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත ත්‍රේඩ් වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය11හි නිලධාරි කණ්ඩායමක් තීරුබදු රහිතව මෙරටට ආනයනය කරනු ලැබු රජයේ අවවාදය සටහන් කර නැති දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි කණ්ඩායමක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන අකුරැස්ස පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන්, ගොඩා සහ නීති විරෝධි මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදන්කේනී පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව රජයට අයත් ඉඩමක පස් කැණීම් කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මොනරාගල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments