29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත් ''අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් '' තේමාව යටතේ 74වන ජාතික නිදහස්...

 ”අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් ” තේමාව යටතේ 74වන ජාතික නිදහස් දිනය සැමරේ.

අභිමානවත් අන්දමින් 74වන නිදහස් උත්සවය සැමරීමට  මේ වනවිට සියලු  කටයුතු සූදානම් බව ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.(31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.   ”අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් ” යන තේමාව යටතේ  74වන ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත් වේ. මාධ්‍ය හමුවට  එක් වූ  ආරක්ෂ ලේකම්  කමල් ගුණරත්න මහතා පැවසුවේ,  කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූල වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි මෙම උත්සවය  සැළසුම් කර  ඇති බවයි.  භට පිරිස් 6500ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වීමට නියමිතය. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 3463 දෙනෙකු නාවික හමුදා නිලධාරීන්  919 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 804 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 336 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 437 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 259 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වීමට නියමිතයි. සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට එක් වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොවිඩ් මර්ධන සෞඛ්‍ය උපදේශවලට අනුකූලව විශේෂ ජෛව බුබුලක් ලෙස පෙළපාලියට සහභාගී වන මෙම සියලු  භට පිරිස් සිය  පුහුණු වීම් සිදු කරන බවයි. මජනතාවට මෙවර නිදහස් දින සැමරුම නැරඹීම සඳහා සියලු මාධ්‍ය නාළිකා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments