කුඩු රැජින පූසි කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) කොහුවල පොලිස් වසමේ අංක 89/2, රෝහල පාර, කළුබෝවිල, දෙහිවල. යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
කුඩු රැජින ලෙස විරුදාවලී ලැබූ පූසි නමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන ලබන කාන්තාව බව හෙළි වූ අතර එම කාන්තාව දැනට විදෙස්ගතව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බඩෝවිට අසංක නැමති අයගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන ගෝලයකු වන ඉන්දික ගමගේ නොහොත් ආමි ඉන්දික නැමති පුද්ගලයාගේ බිරිඳ වන අතර ආමි ඉන්දික නැමති පුද්ගලයා 2001 වර්ෂයේදි නිට්ටඹුව ප්‍රදේශයේ අනගි වෙළදාම් ආයතනයේ කෝටියටකට අධික දේපල මංකොල්ලකැම් සිද්දියේ ප්‍රධාන සැකකරු වේ. තවද ඔහුට විරුද්ධව මංකොල්ලකෑම් ගණනාවක නඩු කටයුතු විභාග වෙමින් පවතින අතර මෙම කාන්තාව ඉන්දික ගමගේ නොහොත් ආම් ඉන්දික නැමති පුද්ගලයා සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකරන බවට කරුණු අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත .අත්අඩංගුවට ගත් හෙරොයින්වල මුළු වටිනාකම කෝටි එකහමාරකට අධික වේ .
අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑමි 064 යි.