22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeUncategorizedරටේ පවතින වර්තමාන තත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති...

රටේ පවතින වර්තමාන තත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීමට අවධානය.

රටේ පවතින වර්තමාන තත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් පසුගිය දා අධිකරණ අමාත්යංතශයේදී පැවැත්විණ.
අධිකරණ අමාත්යං ජනාධිපති නීනීඥ අලි සබ්රි මහතා සහ මහජන ආරක්ෂක අමාත්යණ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන්ගේ ප්රඅධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ ප්රමධාන විෂය කාරණා හතක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කර මෙම සාකච්ඡාව සිදු විය.
අත් අඩංගුවට ගන්නා වූ මත් ද්රහව්යය සාම්පල රඳවාගෙන තොග විනාශ කිරීම අවශ්යේ නීති සැකසීම සම්බන්ධව විශේෂ අවධානය යොමු විය.
එසේම මත්ද්ර ව්යධ කුලකය සඳහ අලුතින් එකතු වී ඇති අයිස්වැනි කෘතිම මත්ද්‍රව්‍ය ඒ සම්බන්ධව නීති ප්‍රමාණවත් නොවන නිසාවිධිමත් අයුරින් නීති සංශෝධනය කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
එසේම වින්දිතයන්ට සිදු විය හැකි අතිරේක හානි වැළැක්වීම සඳහා විශේෂයෙන්ම ළමයින් හා කාන්තාවන්ට සිදු වන අපරාධ සම්බන්ධ නීති කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නීති සැකසීමටද සාකච්ඡා සිදු විය.
තම ජීවිත අවධානය නොතකා සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පොලිස් ත්‍යාග අරමුදලට එක් වන මූල්‍ය ප්‍රතිශත ඉහල දැමීම, දුරකථන සිම්පත් ලියාපදිංචිය ක්‍රමවත් කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත ශක්තිමත් කරමින් දේපල සම්බන්ධ නව නීති සැකසීමටත් මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්යංමශයේලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මහතා, මහජන ආරක්ෂක අමාත්යංහශ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා, පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු නිලධාරී පිරිසක් ද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments