පසුගිය යහපාලන කාලය තුල මිලදිගත් සමහර දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත් එම දෝෂ නිවැරදි කර කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණයකරයි.
අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකල නව ද්වීත්ව දුම්රිය මාර්ගය ධාවනයට භාරදීම සඳහා මීගමුව දුම්රිය ස්ථානයේදි අද (16) පැවැති උත්සවයකදි ය.
එම මිලදි ගැනිම් පිළිබඳව සියලු විස්තර වාර්තාවක් ජනාධිපතිතුමාට සහ රජයට ඉදිරියේදි ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදි පැවැසිය.
මෙහිදි තවදුරටත් කරණු දැක්වු අමාත්‍යවරිය : මෙම ඉදිකල කටුනායක මීගමුව ද්වීත්ව මාර්ගයේ සියලු තාක්ෂණික උපදෙස්,ඉදිකිරිම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අපේ සහෝදර ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ වීම අපට මහත්ආරම්බරයක්. ඔවුන් ඉතාමත් මැනවින් එම කාර්යය ඉටුකර තිබෙනවා. මෙම කටුනායක,මීගමුව ද්වීත්ව මාර්ගය ඉදිවීම තුළින් දුම්රිය සේවාවන් දෙගුණයක් දක්වා වැඩි කිරිමට හැකි වී තිබෙනවා. එමෙන්ම කොළඹ සිට මීගමුවදක්වා ධාවන කාලය විනාඩි 40කින් අඩු කිරිමට පුළුවන්කම ලැබි තිබෙනවා. මෙම මාර්ගයේ ධාවනය සඳහා නවීන පහසුකම් ඇති මැදිරි සහිත බලවේග කට්ටලයක් අද සිට ආරම්භ කරනවා.
මෙම නව සේවාව තුළින් කාර්යාලයීය සේවාවන්හි නියුතු ජනතාවට ප්‍රබෝධමත් දුම්රිය සේවාවක් ලබා ගැනීමට හැකිවෙනවා. මෙහි වායු සමීකරණ කල මැදිරියක්ද සම්බන්ධ කර තිබෙනවා.
ඉදිරියේදි මෙවැනි දුම්රිය සේවාවන් කිහිපයක් කළුතර – කොළඹ , වේයන්ගොඩ – කොළඹ, අවිස්සාවේල්ල-කොළඹ යන නගර අතර යෙදවීමටද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යවරයාලෙස තම කාලය තුලදි ජනතාවට කාර්යක්ෂම හා සුව පහසු දුම්රිය සේවාවක් ලබාදීමට කටයුතු කරනවා. …..
මේ වනවිට දුම්රිය සේවාව ලාභ උපයන ආයතනයක් බවට පත් කිරිමට අමාත්‍ය මණ්ඩලයෙත්, මුදල් අමාත්‍යාංශයේත් උපදෙස් ලැබිලා තිබෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා මීගමුව නගරාධිපති දයාන් ලන්සා , ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර , පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.

