29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedමේරටේ දරුවන්ගේ ආරක්ෂණය පිළිබඳ නීති ශක්තිමත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනට ලබාදී තිබෙන උපදෙස්...

මේරටේ දරුවන්ගේ ආරක්ෂණය පිළිබඳ නීති ශක්තිමත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනට ලබාදී තිබෙන උපදෙස් තීරණ ප්‍රයෝජනයට ගෙන ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන ඇමැති ඉදිරිපත්විය යුතුයි. දොස්තර තුෂ් වික්‍රමානායක මහත්මිය

මේරටේ දරුවන්ගේ ආරක්ෂණය පිළිබඳ නීති ශක්තිමත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනට ලබාදී තිබෙන උපදේස් තීරණ ප්‍රයෝජනයට ලබාගෙන කටයුතු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිණි ගෝලීය ප්‍රචණ්ඩත්වයට එරෙහි තානාපතිනි හා ,ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ සංවිධානයේ සම කැඳවුම්කරු, දොස්තර තුෂ් වික්‍රමානායක මහත්මිය ඉල්ලා සිටියි.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ඉකුත්(21) කොළඹ 07 ගොයිනවේ ආයතනයේ පැවැති නො ගුටි හෙවත් දරුවන්ට ගහන්න එපා ප්‍රචණ්ඩත්වය දෙන්න එපා කියන වැඩසටහන මෙහෙයවමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වික්‍රමානයක මහත්මිය……… අපි විසින් නිර්මාණය කරමින් ජනතාව දැනුවත් කිරීමට කටයුත කරමින් සිටිනවා. මෙය ජාතික ක්‍රියාවන්විතයක්. මීට මූලකම හේතුවක් වුණේ ඉකුත් මාස දහසය ඇතුළත දහදෙනකු ශාරිරික අපයෝජනය හෝ ලිංඟික අපයෝජනය කොට ඝාතනය කෙරුණා. නිලධාරින්, බලධාරීන් අපේ දරවන් ආරක්ෂා කර ගැනිමට ශක්තියක්වුණේ නැහැ. දරුවන් ගහන එක ප්‍රචණ්ඩත්වය ලබාදීම, ඝාතනය කිරීම අපිට නිහඬව සිටින්න බැහැ. මේ දරුවන් දසදෙනා මිය ගියේ පාසැල් වසා දමා තිබෙන කාලයකයි. ඒ අය ඝාතනය වුණේ නිවෙස්වල තමන්ට ආදාරය කළ විශ්වාස කළ සමීපතමයන්ගෙන්මයි. ඒ නිසා අපේ දරුවන් සම්බන්ධව අසල්වැසි දරුවන් සම්බන්ධව මීට වඩා අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. එය අපේ සමාජයේ වගකීමක් වගවීමක්. එවිට යමෙක් කල්පනා කරයි අපේ රටේ විතරද දරුවන්ට මෙහෙම වෙන්නේ කියලා ඉකුත් කොවිඩ් සමයේ අනෙකුත් රටවත් දරුවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය ඇතිවුණා මහා බ්‍රිතාන්‍යයේ පවා දරුවන් දෙදනකු ඝාතනව වුණා. අපේ දරුවන් ගැන කව්රුත් කතා නොකරන විට ඒ රටවල නඩු වසර දෙකාමාරකින් අවසන් කර තිබෙනවා. සැකකරුවන් සිරගත කර තිබෙනවා. ඇයි මේ දරුවන් අපයෝජනයට ලක්වුණේ කියලා විමර්ශනය කරන ආයතන පරීක්ෂණ පවත්වනවා. ලොකු පුටු මාරුවෙලා, රටේ නීති වෙනස්වෙලා තිබෙනවා. එම තත්ත්වයට අපේ රටත් ගෙන යායුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. ඊට අවශ්‍ය වට පිටාවක් සකස් කරන්න තමයි මේ නොගුටි කියන වැඩසටහන ආරම්භ කළේ.

මෙය බහුවිධ ප්‍රයත්නයක් එහි කරුණු තුනක් තිබෙනවා. රටේ තිබෙන නෛතික රාමුව නිසි ලෙස ක්‍රියාත්මක නොවන ආකාරයක් පෙනෙනවා. නමුත් ඊට යම් උත්තේජනයක් ලබා දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 2021 වසරේදි නඩතීන්දුවක් ලබාදෙමින්. එහිදි දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීමේදි අඩුපාඩුකම් තිබෙනවා. ඒවා සංශෝධනය කොට නීති ශක්තිමත් විය යුතුයි කියලා. එහිදි පාසැල් ගුරුවරයකු දරුවෙකුගේ කණ පැලීම සම්බන්ධයෙනුයි මෙම නඩු තීන්දුව ලබාදුන්නේ. අනෙක් එක අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබෙන චක්‍ර ලේඛ ක්‍රියාත්මක කළ යුතුයි. එහිදි ආකල්පමය වෙනසක් අවශ්‍ය බව පවසා තිබෙනවා. දරුවන් සුළුකොට තකන්න බැහැ. අපි දරවන්ගේ අයිතීන් ගැන සම්බන්ධයෙන් ජාත්‍යාන්තර සම්මූතීන් හා බැඳි සිටිනවා.
අපි සිවිල්සංවිධානයක් ලෙස අපි අධ්‍යාපන ඇමැතිගෙන් හා ලේකම්ගෙන් විමසා සිටිනවා ශ්‍රේෂාඨාධිකරණය දරුවන් පිළිබඳ ලබාදුන් තීරණ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි කියලා. දැන් ක්‍රියාත්මක වීමට තිබෙන්නේ සරල කරුණු කිහිපයක් අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට් මණ්ඬලයේදි අධිකරණ ඇමැති වෙත එම තීරණ ලබාදීම පමණයි කරන්න තිබෙන්නේ. මේ සම්බන්ධව අපේ සංවිධාන සියලු ඉල්ලීම් අදාල පාර්ශව වෙත යවා තිබෙනවා එසේ කර තිබෙද්දි ඒ අය අහක බලාගෙන සීටීම කණගාටුවක්.

මෙහිදි දරුවන්ගේ ආරක්ෂණය පිළිබඳ තානාපතිවරු පත් කිරීම,ගීතයක් එළි දැක්වීම සිදුකෙරිණි. මේ අවස්ථාවට පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ වැඩම කර සිටි අතර තානාපතිවරුන් ලෙස

දොස්තර විසාකේස චන්ද්‍රසේකරම්, නිරන්ජනි ෂන්මුගරාජා, ඔටාරා ගුණවර්ධන කලා ශිල්පීන් වන සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, උමාරා සිංහවංශ, ආදිත්‍ය වැලිවත්ත,හරීන් වි‍ජෙරත්න අභිෂේකා ප්‍රනාන්දු , කෞෂල්‍ය ප්‍රනාන්දු යන අය පත්වූහ. මේ අවස්ථාවට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයින් එක්ව සිටියහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments