29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදෙස් රැකියා සඳහා යෑමේදි නිරන්තරයෙන් රජයේ ලියාපදිංවිවි ආරක්ෂාව ලබාගන්න හොර පාරෙන් යන්න...

විදෙස් රැකියා සඳහා යෑමේදි නිරන්තරයෙන් රජයේ ලියාපදිංවිවි ආරක්ෂාව ලබාගන්න හොර පාරෙන් යන්න එපා, ඒ් රටවලට ගොස් පනින්න යන්න ඒපා.රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා

විදෙස් රැකියා සඳහා යෑමේදි නිරන්තරයෙන් රජයේ ලියාපදිංවිවි ආරක්ෂාව ලබාගන්නා ලෙසත් එමෙන්ම එහි ගොස් හොර පාරෙන් එම රටවල්වල නවතින්න කටයුතු කිරීමෙන් රටට ලැබෙන රැකියා අවස්ථා නැති කරන්න එපා යැයිද රට රැකියා සඳහා යන අයගෙන් තමා ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටින බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) එම රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති ජපානයේ තාක්ෂණික සීමාවාසික තෙවසරක පුහුණුව ලබා හොඳින් කටයුතු කළ කාන්තාවන් තිදෙනකුට සේවය කළ සමාගම මගින් ආයෝජන දිරිදීමනා වශයෙන් ප්‍රදානය කරන රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදීමේ අවස්ථාවට හා slbfe, e- connect app එක හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජය ඇමැතිවරයා කියා සිටියේ එම කාන්තාවන් තිදෙනා හොඳ ආදර්ශයක් විදෙස් රැකියා සඳහා යන අයට පෙන්වාදි තිබෙන බවයි.

ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා මේ වසරේදි ශ්‍රී ලාංකිකයින් විසිපන්දහසක් යැවීමට ඉලක්කයක් තිබුණත් දැනට මුල් මාස හය තුල ශ්‍රි ලාංකිකයින් දසදහසක් යැවීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

එමෙන්ම මින් ඉදිරියේදි තමන් ඇන්ඩ්‍රොයිඩ් සිය ජංගම දුරකතනයේ slbfe, e- connect app එක බාගත කරගෙන විදේස් රැකියා නියුකත් කාර්යාංශයේ තොරතුරු නිරන්තරයෙන් දැනගැනීමේ හැකියාව ඇතිවන බව පැවසීය. ඒ අනුව මෙම ඇප් එක තම ජංගම දුරකතනයේ යොදගත්ත විට විදෙස්ගතවු ස්වාමියා, භාර්යාව හෝ වෙනත් ඥාතීන් ගැන සොයා මින් ඉදිරියේදි ලතවීමට අවශ්‍ය නැති අතර එමගින් විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයට සම්බන්ධවි තොරතුරු ක්ෂණිකව ලබාගත හැකිවේ.

මෙම කාන්තාවන් 2018 ජූලි මස තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා ගිය අයයි. ජපානයේ, කොරියාවේ වැනි රටවල සේවය සඳහා යොමුවන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත්, රැකියා ස්ථානයෙන් පළා ගියහොත් ඉදිරියේදී ශ්‍රි ලාංකිකයින්ට රැකියා ලබාදීමේ අවස්ථාව අහිමිවේ. ජපානය, ඊශ්‍රායලය, රුමේනියාව, දකුණු කොරියාව වැනි දියුණු රටවල් හා මැදපෙරදිග රටවල රැකියා සඳහා මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ ගත කිරිමට ඉලක්කයක් තිබෙන බව කීවේය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක හා අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය හා IM ජපන් ආයතනයේ දේශීය කළමනාකරු එච්. කවහාරා යන මහත්වරුන් ,තම සේවා කාලය හොඳින් නිමාකොට මෙරටට පැමිණි ඒ.එල්.වයි. නිශාදිනි, පි.ඩි.එම්.ආර්. අචලා ඉරේෂා බණ්ඩාර සහ ඒ.වයි. ශෂිකා සංජීවනි ඇතුළු ඒ අයගේ පවුල්වල අය එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments