විශේෂ කාර්ය බලකාය සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් වල දී ගත වූ පැය 24 තුල ලක්ෂ 69 ක කේරළ ගංජා අඩංගුවට ගනී.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ගත වූ පැය 24 ක කාලය තුල විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා අඛණ්ඩව සිදුකරන ලද වැටලීම් වල දී රුපියල් ලක්ෂ 69 ක් වටිනා කේරළ ගංජා කිලෝ ගෑම් 53 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් පරීක්ෂක පි.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල මාබෝල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 43 කට ආසන්න ප්‍රමාණයක් සමග 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවද විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.වී.එස්. සෙනවිරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තලෛමන්නාරම පොලිස් වසමේ තලෛමන්නාරම දුම්රියපළ පිටුපස දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 9.4 ක් සමග 30 හැවිරිදි පුද්ගලයකු ද, විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඊ.පි.ඩි.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කුලියාපිටිය පොලිස් වසමේ ඉළුක්හේන ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1.225 ක් සමග 46 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කේරළ ගංජා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල, තලෛමන්නාරම, කුලියාපිටිය යන පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.