25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපෙට්ට්‍ර්‍රල් ගබඩා කර වැඩමිලට අලෙවි කළ ස්ථානයක් හා එස්.ටි.එෆ්.‍ නිලධාරියකු ලෙස...

පෙට්ට්‍ර්‍රල් ගබඩා කර වැඩමිලට අලෙවි කළ ස්ථානයක් හා එස්.ටි.එෆ්.‍ නිලධාරියකු ලෙස පෙනි සිට මුදල් කොල්ලකෑ අයකු ඇතුළු නීති විරෝධි විවිධ ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගිනි අවි පෙන්වා අත් විලංගු යොදා අමානුෂික ලෙස පහර දී මුදල් කොල්ලකෑ පුදුගලයින් හතර දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට අයිස් මත්ද්‍රව්‍ය වෙළඳාමක් අතරතුර දී පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසා ගිනි අවි පෙන්වා අත්විලංගු යොදා අමානුෂික ලෙස පහර දී මුදල් රුපියල් 228,000.00 ක් මංකොල්ල කෑමක් සම්බන්ධ සිද්ධියකට අනුව ලිඛිතව හා වාචිකව ලැබුණු තොරතුරක් මත මෙහෙයුම් දියත් කරන ඇත.
එහි දී ස්ථාන හතරක දී මාකොල, කඩුවෙල, වැලිපැන්න, අතුරුගිරිය ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23, 26, 30, 30 වයස් වල පසුවන සැකකරුවන් සිව්දෙනෙකු සමඟ එම සිදුවීමට අදාල වෑන් රථයක්ද, ස්කූටර් යතුරු පැදියක්ද, දුරකථන ඇමතුම් පටිගත කල සංයුක්ත තැටි 02 ක්ද, සැකකරුවන්ගේ ජංගම දුරකථන 04 ක්ද, අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කේරළ ගංජා හා නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කඳාන පොලිස් වසමේ සාරංගා උත්සව ශාලව මාවතේ අංක 248 නිවස අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් දකුණු ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට රැගෙන ආ කේරල ගංජා තොගයක් සමග මෙරට නිෂ්පාදිත නීති විරෝධී මත්පැන් සමග වයස අවුරුදු 37 ක කදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරිමිවලදි මෙම පුද්ගලයා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සමිබන්ධව කටයුතු කරමින් කොළඹ හා අවට ප්‍රදේශයේ වලට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු කරුණු අනාවරණය කරගෙන ඇත.

මේ අතර (10) හා (11)දිනවලදි පොලිස් විශේෂ කාර්ය බලාකය සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය 11හි නිලධාරී කණ්ඩායමක් මුල්ලෙරියාව හා පොලිස් වසමේ දී පහරදී මුදල් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු හා අදාල වෑන් රථයක්ද, ස්කූටර් යතුරු පැදියක්ද, දුරකතන ඇමතුම් පිටිගත කළ සංයුක්ත තැටි දෙකක්ද සැකකරුවන්ගේ ජංගම දුරකත හතරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මතුගම පොලිස් වසමේදි කේරළ ගංජා ග්‍රෑම් අසුදෙකයි මිලිග්‍රෑම් හත්සිය පනහක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් වත්තල පොලිස් වසමේදි නීති විරෝධිව පෙට්ට්‍රල් ගබඩා කර වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදට අයකු අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ දි හෙරොයින් ග්‍රෑම් දෙකක් හා මිලිග්‍රෑම් දෙසියවිසිපහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ දි හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් සීයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

වව්නතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේදි බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේදි උඩවලව රෝහල් හංදිය අසල මාර්ග බාධකයේදි බලපත්‍ර නැතිව හිංසාකාරි ලෙම මීගවයින් හා එළගවයින් හා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් දොම්පේ පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීතිවිරෝධි මැත් පැන් ලීටර්22.5ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් රැඳවියන් සෝදිසි කිරීමේ දි ගුද මාර්ගයේ සඟවාගෙ තිබියදි රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා රාජකාරි කටයුතු භාර බන්ධනාගාර ජේලර් වෙත භාරදි තිබේ.

කිලිනොච්චි කඳවුරේ නිලධාරි පිරිසක් එමපොලිස් වසමේ සැකකරුවන් නැතිව ඉකුත් යුධ සමයේ භාවිතා කර අතහැර දම න ලැබු පුද්ගල නාශක පීඩන බෝම්බ (බට්‌ටෝ) දෙකක් තමිලන් ගුණුඩු වර්ගයේ අත්බෝම්බයක් සොයාගෙන ඇති අතර එම උණ්ඩය විනාශ කිරීම සඳහා උසාවි නියෝග ලබාගන්නා තෙක් පොලිස් ආරක්ෂාව යටතේ සුරක්ෂිතව එම ස්ථානයේ තැබීමට කටයුතු කර ඇත. ආරගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේ වැටලීම්ක සිදුකර සැකකරුවෙකු නැතිව මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සොයාගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments