සමගි තරුණ වෘත්තිය වේදීන්ගේ සංවිධානය කැදවා තිබූ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත්ද අදහස් දැක්වූ එහි සභාපති රාැජකරුණා මහතා මෙසේද කීය…….අද අත්‍යාවශ්‍ය දෙයක් තමයි තරුණයන් දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම වගේම වෘත්තිය වේදීන් දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම.ඒ නිසා තමයි අපි මෙවැනි සංවිධානයක් නිර්මාණය කළේ ,තරුණ වෘත්තිය වේදීන්ගේ සංවිධානය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියටත් ඒ වගේම දොස්තර හර්ෂ ද සිල්වා ප්‍රධාන දේශනය සිදු කිරීමටත් මහාචාර්ය සිරිවර්ධන මැතිණිය සම්බන්ධ වෙලා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා .මේක රටට අවශ්‍ය දෙයක් එයට තරුණ වෘත්තිය වේදීන් සියලු දෙනාට ආරාධනා කරනවා .
අපි දැක්කා ඊයේ දිනයේ අලි සබ්රි මුදල් අමාත්‍යවරයා තමන් නියෝජනය කරන ආණ්ඩුව වැරදි කරලා ඒ වැරදි නිවැරැදි කරන්න අවශ්‍ය මාර්ග හා පිලිබදවත් එයට සමාවෙන්න කියලා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.අපි සතුටු වෙනවා වැරැද්දක් කරා කියලා පිළිගැනීම ගැන මොකද පිස්සෙක්ට බෙහෙත් දෙන්න හරි පිස්සාට පිස්සු කියලා දැනගන්න ඕන .එහෙම නැතුව බෙහෙත් ගන්න විදියක් නැහැ මේ ආණ්ඩුව යථාර්ථය තේරුම් ගැනීම ගැන සතුටු වෙනවා එය අපි අවුරුදු දෙකක ඉදන් කියපු දෙයක් අපිව හෑල්ලුවට ලක් කරා .අපි අදහස් ඉදිරිපත් කරාම නැහැ එහෙම දෙයක් නැහැ කිව්වා .මතක ඇති අපි කිව්වා ඩොලර් එක හිර කරගෙන ඉන්න එපා කියලා දැන් එය වැරැද්දක් බව පිළිගෙන තියෙනවා අපි එදා කිව්වා විශේෂ බදු සහන පොහොසත් පිරිසට ලබා දෙන්න එපා කියලා අද පිළිගෙන තියෙනවා ඒක වැරදියි කියලා .අපි කිව්වා ආරම්භයේ ඉදන් IMF එකට යන්න කියලා නමුත් යන්නේම නැහැ කිව්වා හැබැයි අද එම වැරැද්දක් කියලා පිලිගෙන තියෙනවා .අපි කිව්වා ණය ගත්ත රටවල් එක්ක සාකච්ඡා ආරම්භ කරන්න කියලා ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා කරන්න කියලා අපි කිව්වා නමුත් නැහැ අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට ඕන තරම් සල්ලි තියෙනවා අපි ණය ගෙවනවා කියලා තියෙන සොච්චමත් ණය සදහා ගෙව්වා හැබැයි අද එය වැරැද්දක් බව තේරුම් අරන් තියෙනවා .හරි මේ සියල්ල පිලිගත්තා එය පිළිඅරගෙන නිකම් ඉන්න බෑ ඒ වැරදි වලට දේශපාලන අධිකාරිය නිළධාරින් කවුද වගකිවයුත්තේ කියන එකට වගකියන්න ඕන .සමූල ඝාතනයක් කරලා අනේ මට සමාවෙන්න කියලා හරිද අනේ අපේ අතින් වැරැද්දක් වුණා කියලා හරිද ,මේ මුලු රටම අද විනාශ කරලා .මිලියන 22 ජනතාව නන්නත්තාර කරලා පාර්ලිමේන්තුවේ මට සමාවෙන්න කියලා ඒක නිවැරැදි වෙන්නේ නැහැ . අදත් පෝලිම් වැඩි වෙනවා ගෑස් ,ප්‍රට්‍රල් ,භූමිතෙල් වැඩි වෙනවා.කියන්න කණගාටුයි මේ මාසයේ ක්‍රඩිට් ලයින් එක ඉන්දියාවෙන් ලැබෙන එක ඉවර වුණාම ලබන මාසයේ ඉන්ධන ගන්න මුදල් මේ රටේ නැහැ .මිලියන 50 කට වඩා අඩු ඩොලර් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ එතකොට මොකක්ද වෙන්නේ මේක හැමදාම ක්‍රඩිට් ලයින් ගැන හිත හිත ඉන්න පුළුවන් ද , රට ඉතාම බයානක තත්ත්වයට පත්වෙලා . වගකීමෙන් කියනවා මේ ණය උගුලකට ගෙනාවේ රාජපක්ෂ ආණ්ඩුව 2005 දී ආරම්භ කරපු අනවශ්‍ය ව්‍යාපෘති නිසා බව .හම්බන්තොට වරාය ,ගුවන් තොටුපළ ,සම්මන්ත්‍රණ ශාලාවක්, නොළුම් කුළුණ මේවාට ණය ගත්තේ .ඉතා වැඩි පොලියට ණය ගත්තා.අනවශ්‍ය ව්‍යාපෘති සිදු කරා .ඒ තුලින් විශාල ලෙස ණය ගත්ත කාලය බවට 2005 කාලය පත්වුනා .
ඒ විතරක් නෙමෙයි 2020 දී නැවත මේක දැක දැක පාරවල් ලක්ෂයක් හදන්න උජාරුවට කිව්වා රුවන්පුර අධිවේගි මාරගයක් හදන්න මුල්ගල තිව්වා .අපි කිව්වා එය මේ වෙලාව නෙමෙයි කියලා අද ඖෂධ ගන්න මුදල් නැහැ සෞඛ්‍ය ඇමති කියනවා තව මාස තුනක් හතරක් යාවිලූ මේ රටේ ඖෂධ නැවත ලබා ගන්න පිලිකා රෝගියෙක්ට ඒ කාලය බලන් ඉන්න පුළුවන් දින 21න් 21ට ඉන්ජෙක්ෂන් දෙන්න ඕන රෝගියාට ඒ බෙහෙත් නැ .හෘද සැත්කමක් කරන්න මාස තුනක් බලන් ඉන්න පුළුවන් ද .ඒ නිසා මේ මරණ වලට වෛද්‍ය සංගම් කියනවා සුනාමියටත් කෝවිඩ් වලටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් මේ බෙහෙත් නැති කම නිසා සිදු වෙනවා කියලා .කවුද මේවට වගකියන්නේ අපේ දෙමාපියන් ,දූ දැරුවන් වෙන්න පුළුවන් හැමෝම වගකිවයුතුයි කාරණාවක් මේවාට වගකිවයුත්තෝ ඉන්නවා ඒ නිසා අපි කතානායක තුමාට පාර්ලිමේන්තුවේ දී කිව්වා මේ ගැන පරීක්ෂණයක් කරලා කවුද වැරදි කරුවන් හොයන්න කියලා .පෙර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද, ඊට කලින් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ද , අජිත් නිවාඩ් කබ්රාල් ද ,පී.බී.ජයසුන්දර ද, කවුද මේ හැමදේටම වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනමයි. ඒ නිසා සමාවෙන්න කිව්වා කියලා වැරැද්ද නිවැරැදි වෙන්නේ නැහැ .ඒ අයට දඩුවම් ලබා දිය යුතුයි .
අද රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයට ඩොලර් නැති වීමේ ලොකු ගැටලුවක් තියෙනවා .එහිදී අපේ රටේ ඩොලර් නැති වීමට හේතුව හොරකම වංචාවයි ඒත් ඩීල් වලින් පහුගිය කාල සීමාවේ ගජමිතුරුන් එකතු වෙලා කණගාටු දායක තත්ත්වයක් ඇති කරලා මේ රටේ මුදල් වෙනත් රටවලට යවලා පැන්ඩෝරා වෙන්න පුළුවන් විකිලික්ස් වෙන්න පුළුවන් නොයෙක් සංවිධාන වලින් මේවා පෙන්වා තිබෙනවා .ඊයේ දිනයේ දී සමගි ජන බලවේගය විදියට අපේ මන්ත්‍රී කණ්ඩායමත් වෘත්තිය වේදීන්ගේ සංවිධානයත් ගියා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එසේ ගිහින් මේ වෙලාවේ දී විශේ්ෂයෙන් කියන්න ඕන එම සංවිධානයේ අනුබද්ධ සංවිධානයකුත් ලෝක බැංකුවත් එකතු වෙලා ව්‍යපෘතියක් ආරම්භ කරල තියෙනවා මේකට අපි ලිඛිත ඉල්ලීම කරනවා අපිට අපේ රටෙන් හොරා කාපු ඩොලර් නැවත ලබා දෙන්න පරීක්ෂණයක් කරලා අවශ්‍ය පියවර ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා .එහිදී අපේ රටෙි හොරකම් කරපු සල්ලි වහාම නැවත ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා එයට යහපත් ප්‍රතිචාරයක් ලබෙයි කියලා බලාපොරොත්තු වෙනවා .