28.1 C
Sri Lanka
Saturday, June 28, 2025
Homeදේශීය පුවත්අත්‍යාවශ්‍යසේවා කොමසාරිස්වරයෙක් හා අතිරේක කොමාසාරිස්වරු දෙදෙනකු පත්කෙරේ.

අත්‍යාවශ්‍යසේවා කොමසාරිස්වරයෙක් හා අතිරේක කොමාසාරිස්වරු දෙදෙනකු පත්කෙරේ.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කළ බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන් අතිරේක කොමසාරිස්වරු ලෙසත් පත් කර තිබේ.

එහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික් 25 හි ලේකම්වරුන් පත් කිරීමට ද කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments