කලහාකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනයට අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නිත්‍යනුකූල බලය පාවිච්චි කිරීමට පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කළහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් වාහන නවතා සිදු කරන පරීක්ෂාවන් වැළැක්වීම සඳහා සහ රජයේ හෝ පෞද්ගලික දේපළවලට හානි සිදු කිරීම කොල්ල කෑම හෝ ජීවිත හානි හෝ බරපතළ තුවාල සිදුවන අන්දමේ පහරදීම් වැළැක්වීම වැළැක්වීම සඳහා උපරිම පියවර ගැනීමටත් අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නිත්‍යනුකූල බලය පාවිච්චි කිරීමටත් සියලුම පොලස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දෙන බවයි.