විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලබුණු තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක එච්.එම්.ඩී.එන්. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) දඹුල්ල පොලිස් වසමේ කලෝගහ ඇළ දී වැටලීමක් සිදුකර මැලේරියා මර්ධනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වන අයිකොන් 10 WP නැමැති රසායනික ද්‍රව්‍ය කෘෂි බෝග වගා වන්ටවලට යොදා ගැනීම හා රසායනික ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි දඔුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 හා 44 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි රුපියල් 414,000 පමණ වටිනා ග්‍රෑම් 62 යි මි.ග්‍රෑ. 05 ක් බර ඇති අයිකොන් 10 WP නැමැති රසායනික පැකට් 276ක්, අත්අඩංගුවට ගෙන තිබේ.