25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය, මත්පැන් හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, මත්පැන් හා දැව ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (01) පූගොඩ පොලිස් වසමේ හඳපාන්ගොඩ ප්‍රදේශයේ වැටලිමක් සිදුකර නීති විරෝධි මත්පැන් මි.ලි.22.500ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි වැඩිදුර විමර්ශන සඳහා පූගොඩ පොලිසියට භාරදි ඇත.

ගම්පොල කඳවුරේ නිලධාරි පිරිසක් ගම්පොල පොලිස් වසමේ එම පොලිස් වසමේ තානායම් රථගාල අසලදි වැටලිමක් සිදුකර හෙරොයින් මිලි ග්‍රෑම් 235ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩි විමර්ශන සඳහා ගම්පොල පොලිස් ස්ථානයට භාරදි තිබේ. එම කඳවුරේ නිලධාරි පිරිසක් තවත් වැටලීමක් සිදුකර හෙරොයින් මිලිග්‍රෑම් 275ක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා ගම්පොල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ කැප්ඇල ප්‍රදේශයේ වැටලිමක් සිදුකර නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 15.000ක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මඩු පොලිස් වසමේ මුල්ලිකුලම්, මඩු රක්ෂිත ප්‍රදේශයේ වැටලිමක් සිදුකර බලපත්‍ර නැතිව බුරුත දැව කඳන් විවිධ ප්‍රමාණයේ 52ක් හා ඒවා ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථය සමග අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මඩු පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් ඔ්මන්ත පොලිස් වසමේ කොම්බුවෛන්‍යකූලම් රක්ෂිතයේදි වැටලීමක් සිදුකර එම රක්ෂිතය තුල විවිධ වර්ගයේ දැව කඳන් කපමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ඔ්මන්ත පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. එහිදි විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් හතක්, විවිධ ප්‍රමාණයේ ඇහැළ දැව කඳන් හතක්, දම්වැල් කියතක්, පොරවක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments