23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරුපියල් මිලියන 43කට අධික වටිනාකමකින් යුතු රත්රන් තොගයක් රේගු දැලේ.

රුපියල් මිලියන 43කට අධික වටිනාකමකින් යුතු රත්රන් තොගයක් රේගු දැලේ.

ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්‍යලය මගින් රුපියල් මිලියන 43කට අධික වටිනාකමකින් යුතු රත්රන් තොගයක් (28) රාජසන්තක කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නැවියන් පිරිසක් විසින් උතුරු මැද නාවික මූලස්ථානයට ලැබුනු තොරතුරක් මත, තලෙයිමන්නාරම දෙවන වැලි පරයට නාවික සැතපුම් 1.2ක් දුරකදී මෙම රත්රන් තොගය සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන තිබේ. කිලෝග්‍රෑම් 1.912ක බරකින් යුතු මෙම රත්රන් තොගයේ තක්සේරු වටිනාකම රු. 43,208,000/- කි. ශ්‍රි ලංකා රේගුව විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මෙම රත්රන් තොගය හොර රහසේ ඉන්දියාවට ගෙනයාමට සැලසුම් කර තිබූ බව අනාවරණය විය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩීරුප්පු සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර උතුරු පලාත් රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් පවත්වන ලද රේගු පරීක්ෂණයේදී රේගු ආඥාපනතේ 130 සහ 163 වගන්ති යටතේ මෙම සැකකරුවන් මත රුපියල් ලක්ශ 7.5 ක දඩයක් පැන්වූ අතර රේගු ආඥාපනතේ 12,44 සහ 107 වගන්ති යටතේ රත්රන් තොගය ‍රාජසන්තක කරන ලදී. උතුරු පලාත් රේගු අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කන්කසන්තුරේ රේගු උප නිවාරණ කර්‍යාලයට අනුයුක්ත නිලධාරින් මෙම රේගු විමර්ශනය මෙහෙයවන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments