25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජා ජ බ සහ පෙ ස ප අතර සාකච්ඡාවක්.

ජා ජ බ සහ පෙ ස ප අතර සාකච්ඡාවක්.

ජා ජ බ සහ පෙ ස ප අතර සාකච්ඡාව (31) පස්වරු 7.00ට පැලවත්ත, පන්නිපිටිය පාරේ කාර්‍යාලයේදී පැවැත්විණි. එයට පෙ.ස.ප. වෙනුවෙන් එහි පාලක ලේකම් චමීර කොස්වත්ත, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ චන්දන සිරිමල්වත්ත යන සහෝදරවරුද, ජා.ජ.බ. වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි හරිණි අමරසූරිය, විධායක සභික ලාල්කාන්ත, චාමින්ද ජයසූරිය, අනුර කරුණාතිලක, මහින්ද රත්නායක සහභාගී විය. ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීම, රට පුරා සිදුවන අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව කටයුතු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධ අවබෝධයක් ගොඩ නගා ගන්නා ලදී. නිශ්චිත එකඟතා ඇති නොවූවත් සාකච්ඡාව ඉදිරියටත් පවත්වාගෙන ‍යාමට තීරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments