බහුදින ධීවර යාත්‍රා මඟින් දකුණු ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට රැගෙන ආ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය යාපනය සහ කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා පේදුරුතුඩුව සහ වෙත්තිලකේනි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු වලට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාප අණදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උතුරු ප්‍රදේශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සිදුකළ මෙහෙයුමක් අතරතුරදී යාපනය කඳවුරේ පොලිස් පරීක්ෂක එම්.ඩී.ටී මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ කිලිනොච්චිය කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.ජී.සී.පී. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) කයිටිස් පොලිස් වසමේ යාපනය, අල්ලපිඩිඩි, ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 141 ක් සහ කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ දී කිලෝ ග්‍රෑම් 208 කට අධික බරින් යුතු කේරළ ගංජා තොග දකුණු ඉන්දියාවේ සිට බහුදින ධීවර යාත්‍රා මගින් ඉතාමත් සූක්‍ෂම ලෙස හොර රහසේ මෙරටට රැගෙනවිත් නිවෙස් තුල සඟවා තබාගෙන සිටි වයස අවුරුදු 43 ක සහ වයස අවුරුදු 46 ක පසුවන යාපනය, අල්ලපිඩිඩි සහ මන්නාරම, පෙරියකඩේ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර මෙම කේරළ ගංජා අලෙවි කිරීමට සූදානම් කර තිබූ Vezel වර්ගයේ නවීන මෝටර් රථයක්ද ගැනුම් කරුවන් සම්බන්ධ කර ගැනීමට යොදාගන්නා ලැබු ජංගම දුරකථන 03 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිටිස් සහ කිලිනොච්චිය පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල දළ වටිනාකම රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුක්ත වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මෙම කේරළ ගංජා තොග ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට රැගෙන ආ පසු එම කේරළ ගංජා තොග ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වන බෝට්ටු මගින් රැගෙනවිත් එම කේරළ ගංජා සූක්ෂම ලෙස නිවෙස් තුල සඟවා තබා ගනිමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ගැනුම් කරුවන් සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් බෙදා හැරීම් කටයුතු සිදුකරන බවට ප්‍රකාශ කරන තිබේ.