29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsබවුසර් පිටින් ඉන්ධන සඟවාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

බවුසර් පිටින් ඉන්ධන සඟවාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මහා පරිමාණයෙන් නීතිවිරෝධීව ඉන්ධන ලීටර් 3500යකට අධික ප්‍රමාණයක් ගබඩා කර සඟවා ගෙන සිටි පුද්ගලයකු එම ඉන්ධන පිරවූ බවුසර් රථයක් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ‌‌ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක මාරසිංහ ඇතුලු නිලධාරී කන්ඩායමක් (07) සපුගස්කන්ද ප්‍රදේශයේ දී පුද්ගලික ආයතනයක් තුලදී වැටලීමක් සිදුකර නීතිවිරෝධීව ඉන්ධන බවුසර් රථයක් තුල ගබඩා කර සඟවා තබාගෙන සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් පමණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකීරිමට සපුගස්කන්ද පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු සිදු කරනු ලබන අතර අත්අඩංගුවට ගත් ඉන්ධන ලීටර් ප්‍රමාණය ලීටර් 3500යකට අධික වේ.අත්අඩංගුවට ගත් ඉන්ධන වල දළ වටිනාකම රුපියල් ලක්ෂ දාහතරකට අධික වටිනාකමිකින් යුක්ත වේ.

ඉතා සූක්ෂම අයුරින් මෙම ඉන්ධන ජාවාරම සිදුකර ඇත. රාත්‍රී කාලයේ මෙම බවුසර් රථයෙන් ඉන්ධන ලබාගෙන සුපෝඛභෝගී රථයකින් විවිධ ස්ථාන වලට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා බවුසර් රථය සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මහජනතාව පීඩාවට පත් කරමින් සිදුකර මෙම ඉන්ධන ජාවාරම් හසුකර ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බලකාය දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments