22.2 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්වරාය මුළුතැන්ගේ වසර හතලිස් හතරකින් ප්‍රතිසංස්කරණය කර නැහැ.

වරාය මුළුතැන්ගේ වසර හතලිස් හතරකින් ප්‍රතිසංස්කරණය කර නැහැ.

වසර හතලිස් හතරකට (44 ) පෙර ඉදිකළ වරාය මුළුතැන්ගෙය මේ වන විට ඉතාමත්ම අබලන් තත්ත්වයට පත්වී ඇති බවත්,එහි ආහාර සැකසුම් තවමත් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙම තත්වය වහාම වෙනස් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය බලධාරීන්ට පැවසීය.
වරාය වෘත්තීය සමිති සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවක දී වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයාට වරාය මුළුතැන්ගේ පවත්නා අඩුපාඩු සහ ආහාරවල ප්‍රමිති රහිත බව පිළිබඳ ඉදිරිපත් කළ කරුණු අනුව අමාත්‍යවරයා (16) පෙර දැනුම් දැනුම්දීමකින් තොරව වරාය මුළුතැන්ගෙයි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

1978 ඉදිකළ මෙම වරාය මුළුතැන්ගෙය ඉන්පසු මේ දක්වා භෞතික වශයෙන් හෝ උපකරණ වශයෙන් ප්‍රතිසංස්කරණයකට ලක් වී නැති බව එහි සේවකයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.අමාත්‍යවරුන් විශාල ප්‍රමාණයක් මෙම අමාත්‍යංශයට පැමිණිය ද මුලුතැන්ගෙ කවදාවත් දියුණු වූයේ නැති බව සේවකයෝ අමාත්‍යවරයාට මෙහි දී පැවසීය. විශේෂයෙන් මේ වන විටත් මෙම මුළුතැන්ගේ හි බත් උයනු ලබන්නේ ඉතා පැරණි බත් ඔරු ක්‍රමයට බවත්, කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප්වල බැවින් අති විශාල ලෙස එමගින් ගෑස් අපතේ යන බව සේවකයෝ පෙන්වා දුන්හ.වරාය මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා හා සැලසුම් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරාවට පාලන අධිකාරියට ඉදිරිපත් කර ද මුදල් නැති බව පවසන ඔවුන් ඒවා යටපත් කර ඇති බව සේවකයෝ පෙන්වා දුන්හ.
වරාය අධිකාරියට මුදල් නැතැයි කිව නොහැකි බවත් නමුත් ඔවුන් හැමවිටම මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරිම පසුපසට දමා ඇති බව තමාට අවබෝධ වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
මෙහි සේවක සේවිකාවන් 169 සේවය කරන නමුත් ඔවුන්ට ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්, ඒවා පරිහරණය කළ හැකි අන්දමට තත්ත්වයක නොපැවතීම පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී යොමු විය.ඒ අනුව වරාය උප සභාපති ගයාන් අලගියවත්තගේ
මහතාට අමාත්‍යවරයා උපදෙස් දුන්නේ වරාය මුළුතැන්ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ලට පෙර ඉතාමත් කඩිනමින් සේවකයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරන ලෙසය.ඒ සඳහා වරාය සිවිලේ සිවිල් අංශය උපරිම දායකත්වය ලබා ගන්නා ලෙස ද වැඩිදුරටත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
එසේම දිනකට දිවා අාහාරය 5000 ට සහ රාත්‍රී සේවකයන් 3500 සඳහා ආහාර සම්පාදනය කරන වරාය මුළුතැන්ගෙට ප්‍රධාන සූපවේදියෙක් නොමැති වීම විශාල අඩුවක් බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.ඒ සඳහා පුරප්පාඩුවක් පවතින බැවින් වහාම ඒ සඳහා සුදුසු කෙනකු බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ,මෙහි සේවය කරන තරුණයන් සඳහා ආහාර සැකසුම් පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලබාදීමට ලබා දීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
එක් ආහාර කට්ටලයක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බව සේවකයන් මෙහි දී පෙන්වා දුන් අතර ආහාර සඳහා යන වියදමින් සියයට හතලිස් පහක් (45%) පමණ වියදම් වන්නේ කජු සඳහා බව වෘත්තීය සමිති පෙන්වාදුන් කාරණය පිළිබඳ මෙහි දී අමාත්‍යවරයා ප්‍රශ්න කළ අතර ඒ අනුව අමාත්‍යවරයා දැනුම් දුන්නේ කජු වෙනුවට ආදේශක ආහාර ද්‍රව්‍ය කෑම වේලට එකතු කරන ලෙසයි.
එසේම වරාය මුලුතැන්ගේ සඳහා භාණ්ඩ සැපයීමට ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්,මෙම මුළුතැන්ගෙය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක නවීන උපකරණ සහිත මුළුතැන්ගෙයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී උප සභාපතිවරයාට පැවසීය.සේක තමන්ගේ රාජකාරි කාලයෙන් වැඩිම කාලයක් මුළුතැන්ගෙයි ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු සඳහා යොදවන ලෙසත් අමාත්‍යවරයා ඔහු ගෙන් ඉල්ලා සිටියේය.
එසේම මෙහි සේවකයන්ට සූපවේදයට අදාල විධිමත් නිල ඇඳුමක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.
තමන්ට තවමත් ඇත්තේ අරක්කැමි යන නිල නාමය බවත් එය සූපවේදී ලෙසින් වෙනස් කර දෙන ලෙසද සේවක මෙහිදී අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියහ.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යවරයා සමග අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ද වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලගියවත්තගේ මහතා ද මුළුතැන්ගේ කළමනාකරු ජේ.ඩී.ජේ.වයි. ඩයස් මහතා ද එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments