21.7 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්කොරෝනා නව ප්‍රවාහන ප්‍රතිපත්තිය

කොරෝනා නව ප්‍රවාහන ප්‍රතිපත්තිය

කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනු ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය. 

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් අද පස්වරුවේ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“පුද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩිකිරීමක් අපි ප්‍රතිපත්තියක් ලෙස කරන්නේ නෑ. නමුත් සෞඛ්‍ය නීතිරිති අනුව කටයුතු කිරීමේ දී ඒ අයට වෙන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තුවක් අය කිරීමක් කරන්න අවසර දෙන්න වෙනවා. පුද්ගලික බස්රථවලට තියෙන මුදල් අවහිරකම හින්දා ලීසිං අයකරන එකත් මාස 6කට නවත්වන්න අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකා බැංකුව මඟින් ඒ අයට සහන පොළියට ලක්ෂ 3 බැගින් ලබා දෙන්න කටයුතු කරනවා.“

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

“ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම හරහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක්, දැන් අවම ගාස්තුව රුපියල් 12යි ඒ නිසා ඒක 14කට ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා. සෞඛ්‍ය අංශවලින් දැනට අපිට දැනුවත් කරලා තියෙන්නේ දෙවැනි ක්‍රමවේදයට ධාවනය කරන්න කියන කාරණය. මේ සංශෝධිත ගාස්තුවලට අනුව අද රාත්‍රී 12 සිට ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments