දේශීය ආර්ථික ප්‍රවර්ධනයේ නව මං විවිර කරමින් "රජවාස" වෙළෙඳ මධ්‍යස්ථානය ඇති කිරීමට කැබිනට් අනුමැතිය.. කොළඹ 05, නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාර පරිශ්‍රය පසුගියදා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එම පරිශ්‍රය නවීකරණය කරමින් "රජවාස" වෙළෙඳ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව දේශීය නිෂ්පාදනයන් සඳහා ඍජු වෙළෙඳපොල සකසමින් දේශීය නිෂ්පාදකයා සුරැකීමටත් පාරිභෝගිකයා වෙත ගුණාත්මක නිෂ්පාදනයන් සාධාරණ මිළගණන් යටතේ ලබා ගැනීමටත් මෙතුළින් අවකාශය සැලසෙනු ඇත. ශ්‍රී ලංකා තේ මණ්ඩලය,රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,බී.බී.සී ලංකා සමාගම,සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ලංකා සතොස සමාගම,ලංකා කජු සංස්ථාව,මාන්තායි ලුණු සමාගම,රාජ්‍ය දැව සංස්ථාව,සී/ස කොමර්ෂල් පොහොර සමාගම,සී/ස ලංකා පොහොර සමාගම,මිල්කෝ ආයතනය,පොල් සංවර්ධන අධිකාරිය,රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව,ලිට්‍රෝ ගෑස් සමාගම. ඒ අනුව ඉහත දක්වා ඇති රාජ්‍ය ආයතන වල නිෂ්පාදනය කරනු ලබන හා අලෙවි කරනු ලබන නිෂ්පාදන "රජවාස" වෙළෙඳ මධ්‍යස්ථානය තුළින් ඍජුවම පාරිභෝගිකයා වෙත ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර කඩිනමින් මෙම වෙළෙඳ මධ්‍යස්ථානය පාරිභෝගික ජනයා වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.
“රජවාස” වෙළෙඳ මධ්‍යස්ථානය ඇති කිරීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES