27.3 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්police newsඅපරික්ෂාකාරිව ගමන් කිරීම නිසා මේ වසරේදි රිය අනතුරුවලින් පාපැදිකරුවන් 96ක් මියගොස් තිබෙනවා....

අපරික්ෂාකාරිව ගමන් කිරීම නිසා මේ වසරේදි රිය අනතුරුවලින් පාපැදිකරුවන් 96ක් මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා

මේ දිනවල තිබෙන ඉන්ධන හිඟය නිසා ජනතාව පාපැදිවල ගමන් කිරීමට පෙළඹි තිබෙනවා. ඒ් අනුව පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත්කර තිබෙනවා. මේ වසරේ මේ දක්වා රියඅනතුරු 1202ක් සිදුවි තිබෙනවා.එහිදි 96ක් මියගොස් තිබෙනවා. එසේ මියගොස් තිබෙන්නේ පාපැදිකරුවන්.ඒ් නිසා මේ සම්බන්ධ විශේෂ අවධානය යොමු කරන ලෙස එම උපදෙස් මාලායේ සඳහන් කර තිබෙන්නේ. මීට හේතුව ලෙස දක්වා තිබෙන්නේ පාපැදිවල ප්‍රධාන පහන් නොමැතිවීම හා ඒ්වා දල්වාගෙන ගමන් නොකිරීමයි, පසුපස ප්‍රති පරාවර්තක පහන් නොමැතිවීම, රාත්‍රී කාලයේ මෙම පාපැදි කරුවන් තද වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳ ගමන් කිරීම, මාර්ග සංඥාවලට අනුගත නොවි ගමන් කිරීම, මාර්ග හරහා ගමන් කිරීමේදි අනෙකුත් වාහාන පිළිබඳ අවධානය යොමු නොකිරීම සඳහන් වෙනවා. ඒ් අනුව ඉදිරියේදි පාපැදි කරුවන් ගමන් කරනවා වැඩිවුව හොත් ඒ් අයට නිසි උපදෙස් ලබාදිය යුතු බවට පොලිසිය කරුණු පෙන්වාදී තිබෙනවා.
එමෙන්ම අනෙක් වාහාන රියැදුරන්ගෙන්ද ඉල්ලීමක් කරනවා පාපැදිකරුවන් ගෙන අවධානයෙන් රිය පදවන ලෙස.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments