Homeක්‍රීඩා පුවත්සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන මලල ක්‍රීඩාව නැංවීම එකම අරමුණයි- බිමල් විජයසිංහ

සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන මලල ක්‍රීඩාව නැංවීම එකම අරමුණයි- බිමල් විජයසිංහ

මෙම නිලවරණයෙන් පසු මා කලින් පැවසු ආකාරයට අපි දෙපිලක් නොව එක් කණ්ඩායමක් ලෙස මලල ක්‍රීඩාව නැංවීවට එකමුතුව කටයුතු කරමු යැයි ඉල්ලා සිටිනවා මලල ක්‍රීඩා සංගමයේ අභිනවයෙන් පත්වු සභාපති බිමල් විජයසිංහ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ඉකුත් 2025 වසරේ පැවැත්වීමට තිබුණු මලල ක්‍රීඩා නිලවරණයේ කටයුතු ඉතා සාර්ථකව නිමවුණා. අපේ කණ්ඩායමේ සියලු දෙනාම ජයග්‍රහණය කළා. මලල ක්‍රීඩාව නැංවීම සඳහා අපේ ඉලක්කයන් ඉතා පැහැදිලිව කරගන්න පුළුවන් වේවි.
සෑම දෙයක් සිදුකිරීමේදී අභියෝග එල්ල වෙනවා අපි කණ්ඩායමක් ලෙස එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන්නා එහි ප්‍රතිළුල තමයි දැන් ලැබි තිබෙන්නේ. අපේ එකම අරමුණ ඉදිරිපත් කර තිබෙන සැලසුම ඉදිරියට ක්‍රියාත්මක කරමින් මලල ක්‍රිඩාව නැංවිමයි.
මලල ක්‍රිඩාවේ මුලින් දිස්ත්‍රික් මට්ටමින් පවතින තරඟාවලි පැවැත්වීම තමයි මුලින්ම කරන්න බලාපොරොත්තු වන්නේ ඒ් සියලු අදාල පිරිස් සමග සාකච්ඡා කරලා. කෙටි, මධ්‍ය හා දිගු කාලීන සිදුකිරීමට සැලසුම් රාශියක් සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
පදක්කම් ගෙන එන්න හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ. ඒ් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරනවා. විනිසුරුවන්, තාක්ෂණික හා පුහුණුකරුවන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදීම තමයි අරමුණ ඒ් තුලින් මලල ක්‍රීඩාව ඉහල තත්ත්වයට ගෙන එනවා.
අපිට මෙතැනට ගෙන එන්නට උරදුන් සුනිල් ජයවිර මහතා සියලු දෙනාටම ස්තූතිය පුදකරන්න ඔ්නේ.

මාධව සෙනරත් (ලේකම්) මේක අපේ ජයග්‍රහණයක් නොවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ. එමෙන්ම අපිව මෙතැනට ගෙන කටයුතු සියලු දෙනාටම ස්තූති වන්ත වෙනවා. එහිදි සුනිල් ජයවීර , වයි.ටි. කුලරත්න හා එච්.ඩබ්ලිව්. නිමල්සිරි මහත්වරුන් සිහිපත් කළ යුතුයි.

අනුර ප්‍රේමලාල්

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments