Homeදේශීය පුවත්පාස්කු ප්‍රහාරයට අද(21)ට වසර හතයි. දෙව්මැදුරුවල විශේෂ කන්නලව්

පාස්කු ප්‍රහාරයට අද(21)ට වසර හතයි. දෙව්මැදුරුවල විශේෂ කන්නලව්

ඒ අනුව පාස්කු ප්‍රහාරයෙ සැබෑ සත්‍ය සොයා ගැනීමේ අරමුණින් මෙම කන්නලව් පැවැත්වීම ඉකුත් (19)දා සිදුකෙරිණි. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කිතුණු බැතිමතුන්ට මෙම දේව කන්නලව් කරන ලෙසට දැනුම්දීමක් සිදුකර ඇත.

වසර 2019 අප්‍රේල් 21දින පාස්කු උත්සවයේදී කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේව්මැදුරේදි, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ සහ මඩකලපුව සියෝන් දෙව්මැදුරෙ පැවැති දේවමෙහෙයන්වලදි මෙන්ම සංචාරක හෝටල් කීපයකදී මෙම බෝම්බ පිපිරීම සිදුවිය. පාස්කු ප්‍රහාරය සිදුවි වසර හතක් පිරීම නිමිත්තෙන් අද21 බෝම්බ ප්‍රහාරයලින් විපතට පත් පිරිස සිහිපත් කර විශේෂ දේව යැදුමක්ද සිදුකිරීමට නියමිතය.
එම ප්‍රහාරයට අදාළව හිටපු රජය බුද්ධි ප්‍රධානියාද මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.

පාස්කු ප්‍රහාරයට වසර හතක ගත වෙන විටත් ඊට නිසි යුක්තිය සාධාරණය ඉටු නොවුණු පසුබිමක තවදුරටත් යුක්තිය අපේක්ෂාවෙන් පසුවන මොහොතක අද (17) කතෝලික සභාව වෙනුවෙන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මේවනවිට මෙම ප්‍රහාරය සම්බන්ධව ග්‍රන්ථ කිහිපයක්ද එළි දක්වා තිබේ.

එක් එක් අය අරඹයා චෝදනා ඇඟිල්ල දිගු කරනවාට වඩා සැබෑ සත්‍ය සොයා ගැනීමට කව්රුත් සහයෝගය ලබාදීම වැදගත් බව ඝාතනයවූ ජනතාව හා ඉන් පීඩාවට පත්වු ජනතාව වෙනුවෙන් TOP NEWS ASIA වෙබ් අඩවිය හා CHANNELTVASIS සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments