(සුමිත් මායාදුන්නේ විසිනි)



2026 අප්‍රේල් 21 වැනි දිනට 2019 සිදුවූ පාස්කු ප්‍රහාරයේ හත්වැනි අනුස්මරණය මහනුවරදී පැවැත් විය.
මහනුවර ක්‍රිස්තියානි සභාව සංවිධානය කරනු ලැබු මෙම අනුස්මරණය දවස පුරා පැවැත් වුණි. උදෑසන 8.45ට අනුස්මරණ දේවමෙහෙයට පැමිණ සිටි බැතිමතුන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් වින්දිතයන් සිහිපත් කළහ.අනතුරුව සෑම පල්ලියකම දේව මෙහෙය පවත්වනු ලැබීය.2019 වසරේ අපිුයෙල් 21 වැනි පාස්කු ඉරු දින උදෑසන 8.45 ට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදුවිය. විනාඩි 2ක නිශ්ශබ්දතාව එම වෙලාවටම පවත්වනු ලැබුවේ එබැවිණි.
අනතුරුව පස්වරු තුනයි තිහට පමණ යුක්තිය ඉල්ලා, පාඨ සහිත පුවරු අල්ලා විරෝධතා පා ගමනක් මහනුවර යහපත් එඬේරා කන්‍යාරාමයේ සිට ආරම්භ කෙරිණි. අනතුරුව. ජෝජ් ඊ. ද සිල්වා උද්‍යානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපරය පැවැත්විණි.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේව මැදුරේත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේත් සහ මඩකලපුව සියොන් දේව් මැදුරේත් සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2019 අප්‍රියෙල් (21) සිදුවිය ඉන් 278 දෙනකු මියගිය අතර 68 දෙනකු කුඩා දරුවෝ වූහ.පන්සිය දෙනකුට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්වයට පත්වූහ.මෙම ප්‍රහාරය එල්ල කිරීමට මූලික වූයේ කවුරුන්ද? කුමන හේතුවක් නිසාද? ආදී ප්‍රශ්න ගණනාවකට පිළිතුරු තවමත් ජනතාවට ලබා දී හෝ විසඳී හෝ නැහැ.
පුරා අවුරුදු හතක් මුළුල්ලේම අනුස්මරණය කරන්නේ මේ ප්‍රශ්න පවතින ආණ්ඩුවලට ඉදිරිපත් කරමිනි. එම වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කිරීමට නම් මේ ප්‍රශ්න විසඳා ගත යුතු බව කතොලික ප්‍රජාව පමණක් නොව සමස්ත ජනතාවම ඉල්ලා සිටී.මහනුවර විරෝධතාවේදී අපට හමු වූ කතෝලික භක්තිවන්තියක වන අසූ හැවිරිදි කැතරින් වීරසිංහ මහත්මිය පවසන්නේ කුමන පොත්පත් ලිව්වත් කුමන දෙයක් කළත් සාධාරණය දැන්වත් ඉෂ්ට කිරීම අත්‍යවශ්‍ය බවයි. මෙය රටට හෙළි කරන්න යැයි බල කරමින් ඒ මාතාව ඉල්ලා සිටින්නේ හැඬු කඳුළිනි. කොච්චිකඩේ පල්ලියේදී පැවති අනුස්මරණ දේව මෙහෙයදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ මේ පිළිබඳ විමර්ශන ක්‍රියාවලිය වර්තමාන රජය සුබවාදීව කටයුතු කළත් ඇතැම් දේශපාලන බලවේග තවදුරටත් බාධා කරන බවය.අදටත් නිශ්චිත පිළිතුරක් නොමැතිව අටවෙනි වසරට පා තබන පාස්කු වින්දිතයන්ගේ ප්‍රශ්නය ඉක්මනින් රටට හෙළි කරන ලෙස විරෝධතාකරුවෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.



