QR කේත ක්‍රමය හෙවත් ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව අද(01) සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ, අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන බවය.
චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි වාහන භාවිත කරන්න්නට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි ය.
සියලු ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතුයි.
ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර එම පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කළ යුතු වේ.
විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ , යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්න්නට අවශ්‍ය ඉන්ධන වර්ගය සතිපතා ඉන්ධන අවශ්‍යතාවය සහ ඉන්ධන ලබා ගැනීමට අපේකෂා කරන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතුයි.
රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග සියලු රථවාහන ලියාපදිංචි කළ හැකි ය.
පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව දෙමින් ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝවලින් බස්රථ සඳහා ඉන්ධන ලබා දෙන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ යෙදෙන දුර ප්‍රමාණය අනුව තීරණය කරනු ලබන කෝටාවක් මතයි.
බලධාරින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන් රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල්, ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පහසුකම් සැපයෙනවා.
සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව ලබාදෙනු ලබන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණයම ලබාදෙනු ඇති.
එක් එක් පොලිස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්කරන ලද කෝටාවක් ලබාදීමට කටයුතු කරන අතර එය ඉදිරියේදී අදාළ පිරවුම්හල් වෙත ලබාදිය යුතු කෝටාව පිළිබඳව ද දැනුවත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.
නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී ලබාදී ඇති උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් හා පුද්ගලයින් පිළිබඳව විස්තර 074 21 23 123 යන අංකයට Whatsapp කළ හැකි ය.
නැවත නැවත වැරදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂි භාවිත කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එමගින් කටයුතු කරනු ඇති.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන්කර ඇති කෝටාව ලබාගැනිමට සතියක කාලයක් පවතින බැවින් අද දිනයේම පිරවුම්හල් වෙත එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, QR ක්‍රමවේදයට මෙතෙක් අනුගත නොවූ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමුඛතාව ලබා නොදෙන බව, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.
එම සංස්ථාව සඳහන් කළේ, අදාළ ක්‍රමවෙදයට කඩිනමින් අවතීර්ණ වන්නැයි, සියලු පිරවුම්හල් වෙත දැනුම් දී ඇති බවයි.
තාක්ෂණික කරුණු මත පදනම්ව මේ වනවිට ඉන්ධන පිරවුම්හල් 50කට ආසන්න සංඛ්‍යාවකවට QR ක්‍රමවේදයට අවතීර්ණ වීමට නොහැකි වී ඇතැයි, සංස්ථාව පැවසුවේ ය.
මේ අතර , සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසුවේ අද(01) සිට QR කේතය හරහා ඉන්ධන ලබාදීමට බොහෝ පිරවුම්හල් සූදානම් කර ඇති බවයි.