පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයන් වෙනුවෙන් සමගි ජනබලවේග පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන්වන ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මත්වරුන්ගේ නම් එම තනතුරු සඳහා ඉදිරිපත්වී තිබෙන බව වාර්තාවේ.
කතානායකවරයාට අදාළ යෝජනා සම්බන්ධයෙන් මේවනවිට දැනුවත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
නව වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස මීටපෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය චරිත හේරත් මහතා කටයුතු කළ අතර මහාචාර්ය තිස්ස විතාරණ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.