පවතින ඖෂධ අර්බුදය පිළිබඳ වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තාක්ෂණික කමිටුවක් පත් කිරීම හා එහි වාර්තාව මේ සතිය අවසන්වීමට පෙර නිකුත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීයා සිටියි. ඒ් අනුව එම සංගමයේ නව විධායක සභාව මීට මාස දෙකකට ප්‍රථම රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ හඳුනාගත් මෙම ක්ෂේත්රයට බලපාන ප්‍රධාන අභියෝග දෙක වනුයේ ඉන්ධන හිඟය හා ඖෂධ මිල ඉහල යෑම හා ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුෂ්කරතා හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යට සේවයට වාර්තා කිරීමේ දුෂ්කරතාය.
මේවනවිට ඖෂධ ඉහලා යෑම ඉතා දරුණු ලෙස හිස ඔසවමින් ස්ථිර විසඳුක් නැතිව සෞඛ්‍ය පද්ධතියේ පැවැත්මට දැවැන්ත අභියේගයක් වී තිබෙනවා. මෑතකදි නිකුත්වු විගණකාධිපති වාර්තා මගින් මෙන්ම පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දීද හෙලිදරව්වු පරිදි පවතින දැඩි ඖෂධ හිඟය සඳහා හේ ගණනාවක් බලපා ඇති බව පැහැදිලිය.
එනම් ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශව අතර සම්බන්ධිකරණයක් නැතිවීම, තොග කළමනාකරණයට අදාල පරිඝණක පද්ධතිය දුර්වල ලෙස නඩත්තුවීම, නිතිපතා සිදුවිය යුතු අධීක්ෂණ කටයුතුවල දුර්වලතා, මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන නිශ්චිත කාල රාමුවකට අනගත නොවීම. ඖෂධ තොග බෙදාහැරීමේ ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවය, ඖෂධ සැපයුම්කරුවන් වෙත මීට පෙර සිදුකළ සැපයුම් සඳහා ගෙවීම් නොකිරීම නිසා මතුවු ගැටලු , ඖෂධ නිෂ්පාදන ක්රියාලිය තුලමතුවු ජාත්‍යාන්තර සාධක, සමස්ත ක්රීයාවලිය තුල දිගින් දිගටම පැවැති අක්‍රමිකතා හා දූෂිත ගනුදෙනුය. මේ සියල්ලෙන් අසරණවි සිටින්නේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ය
පවතින තත්ත්වය නිරවද්‍ය තොරතුරු වාර්තා කිරීමත්, අර්බුදකාරි තත්ත්වය නිවැරැදි කිරිමත් සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් මෙම තාක්ෂණික කමිටුව පත් කර ඇත. එහිවාර්තාව මේ සතිය අවසන්වන විට ලබාදීමට නියමිතය. ඒ් අනුව පවතින අභියෝගාත්මක තත්ත්වයේ සැබෑ පසුබිමත්, ඒ් සඳහා බලධාරින් දක්වන නිද්‍රාශීලි ප්රතිපත්තියත් ඉදිරි කාලය තුලදි රට හමුවේ නිරාවරණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස කිසිසේත් පසු බට නොවන බව දැඩිව අවධාරණය කරන්නේමු.