25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොරියානු ආයෝජනයන් වැඩි කරගැනීම සඳහා නව වීසා රෙගුලාසි උපකාරී වනු ඇත-කොරියානු තානාපති

කොරියානු ආයෝජනයන් වැඩි කරගැනීම සඳහා නව වීසා රෙගුලාසි උපකාරී වනු ඇත-කොරියානු තානාපති

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා කොරියානු ජනරජයේ තානාපති සන්තුෂ් වුන්ජින් ජියෝන්ග් මහතා අතර හමුවක් (17) කොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

“රජය ක්‍රියාත්මක කර ඇති නව පහසු වීසා ක්‍රමවේදය වැඩි වැඩියෙන් කොරියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උපකාරී වන අතර, 1980 දශකයේදී ශ්‍රී ලංකාවට වැඩිම ආයෝජනයන් කළ රට බවට පත්ව සිටි කොරියාවට යළි එම තත්ත්වයට පත් වීමේ අවකාශය ඇතැයි තානාපතිවරයා පැවසීය.

පුනර්ජනනීය බල ශක්තිය, වාරි මාර්ග, කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය ආදී අංශයන්හි කොරියානු නව ආයෝජන සඳහා අවකාශ තිබෙන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෙළඳපලට අලෙවි කිරීමේ හැකියාවක් තිබෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. දෙරට අතර තානාපති සබඳතාවල 45 වන සංවත්සරය නිමිත්තෙන් විවිධ ක්ෂේත්‍රයන්හි වැඩමුළු සහ කොරියානු චිත්‍රපට ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට අපේක්ෂා කරන බව කොරියානු තානාපතිවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments