25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරුපියල් මිලියන 27 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා...

රුපියල් මිලියන 27 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ (19) උදෑසන  සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක පමණ තොගයක්(තෙත බර සහිත ) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය විසින් මාදගල්, සවුක්කාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, සවුක්කාඩි වෙරළේ ජාකොටුවක් පරීක්ෂාවට ලක්කරන ලදී.  එහිදී, පාර්සල් හතළිහක් (40) ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක පමණ තොගයක් (තෙත බර සහිත ) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.  

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව  ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය මෙලෙස  ජාකොටුවක් තුළ අත්හැර දමා යන්නට ඇතැයි විස්වාශ කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා ‍‍තොගයේ දළ විථී වටිනාකම රුපියල් මිලියන 27 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments