25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනතා නැගිටීම අසම්පූර්ණ ජයග්‍රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක්- ජාතික...

ජනතා නැගිටීම අසම්පූර්ණ ජයග්‍රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක්- ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

මහජන අරගලවලින් රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත් වුණා. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරිවී තිබෙනවා. ඒ කඳ විසින් රනිල් රාජපක්ෂ හිසක් නිර්මාණය කළා. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදී තිබෙනවා. එකක් රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුර රනිල්, රාජපක්ෂලා, අපරාධකාරයින්, වංචනිකයින් ඇතුළු කණ්ඩායමකින් සමන්විතයි. ඒ වගේ හොරගල් අහුලන කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාධීන වූවා කියන පිරිස හොරගල් අහුලනවා. සජිත්ගේ කණ්ඩායමේ බොහෝ අයත් හොරගල් අහුලමින් ඉන්නවා. මේ කඳවුර පවතින්නේ පාර්ලිමේන්තුවේ 134කින්. මහජනයාගේ කැමැත්ත මත නොවෙයි. අනික් පැත්තෙන් මේ ව්‍යවස්ථාව ඇතුලේ බලයක් නිර්මාණය කර ගන්න මේ කඳවුරට හැකිවී තිබෙනවා. අනික් කඳවුරට විවිධ වරදාන, වරප්‍රසාද ලබාදීමෙන් රඳාපැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා. ලබන සතියේ තවත් ඇමතිවරු රොත්තක් දිවුරුම් දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ මේ කණ්ඩායම් මෙහෙයවන අයට විවිධ වරදාන වරප්‍රසාද ලබාදී අලුතින් නියෝජ්‍ය සංවිධායකලාත් පත්කර සිටිනවා. මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන තිබෙනවා.

රනිල්ගේ උපදේශකලා හැටියට හිටපු ඇමතිවරුන් පත්කරගෙන. ඊට අමතරව විවිධ අධ්‍යක්ෂ ජනරාල්වරු පත්කරගෙන. විවිධ වරදාන, වරප්‍රසාද ලබාදී තමන්ගේ හිතවතුන් සනසනවාට අමතරව ඒවාට විරුද්ධ වෙන අයට මර්දනය දියත් කර තමන්ගේ පැවැත්ම තහවරු කරගන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා. ඒ ඉතිහාසය අවසන්වී දශක ගණනාවක් ගෙවී ඇති බව අපි මතක් කරනවා.

අරගලය සාමකාමී අය සහ ත්‍රස්තවාදීන් සිටි බව පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වා. ඔහු කියන ඒ ත්‍රස්තවාදීන් කවුද කියලා අපි බලාගෙන සිටියා. පූල් එකේ සබන් ගාලා නාපු කෙනා එක ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ වැසිකිළිය පාවිච්චි කළ කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ කොඩිය නිදාගත් කෙනා තව ත්‍රස්තවාදියෙක්. ෆ්‍රිජ් එකේ තිබුණු ගස්ලබු කෑල්ල කෑව කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයේ තිබුණු සල්ලි ගණන් කළ කෙනත් ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයට පළමුවෙන්ම ඇතුළුවූ කෙනත් ත්‍රස්තවාදියෙක්. මෙහෙම බැලුවාම රනිල් 134 රූට් එකේමයි යවන්න ඕනෑ. අරගලයට මැදිහත් වුණු අය මර්දනය කරලා තමන්ගේ පාලනය ගෙනියන්න හැකිවෙයි කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. 18වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයෙන් පෙළපාළියක් ගියා. ටවුන් හෝල්වලින් පටන්ගෙන කොටුවේ රැස්වීමක් තියන්න ගියේ. යුනියන් ප්ලේස්වල මඟරැකලා සිටි පොලිසිය පහර පිට පහර දුන්නා. අරලියගහ මන්දිරයට, ජනාධිපතිමන්දිරයට යන්න ගිය පා ගමනක් නොවෙයි. රනිල් මංපහරන්නෙක් වගේ මඟ රැකලා ඉඳලා පහර දුන්නා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,ජාතික විධායක සභික නීතිඥ උපුල් කුමරප්පෙරුම,විධායක සභික එරංග ගුණසේකර, විධාය සභික නීතිඥ කෞෂල්‍යා ආරියරත්න,කොළඹ දිස්ත්‍රික් විධායක සභික විමල් කැටිපේආරච්චි,ජාතික විධායක සභික ව්‍රායි බල්තසාර්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments