29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රජයේ භාණ්ඩ ආනයන තහනම නිසා සුළු හා මධ්‍යම කර්මාන්ත බිඳ වැටීමේ...

රජයේ භාණ්ඩ ආනයන තහනම නිසා සුළු හා මධ්‍යම කර්මාන්ත බිඳ වැටීමේ අවධානමක්- ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපතිනි ටානියා එස්.අබේසුන්දර මහත්මිය.

අද නිවසක් ඉදිකිරීම සිහිනයක් වෙලා , සිමෙන්ති නිෂ්පාදනයේ අතිරික්තයක් තිබෙද්දීත් සිමෙන්ති ගෙන්වනවා ආනයන අපනයන පාලකට මේවා තේරෙන්නේ නැද්ද නැත්නම් ව්‍යාපාර කරන නිලධාරීන්ට උදව්කරනවාද?- නි.සභාපති, ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති – සුසන්ත ලියනාරචිච් මහතා.

මෙවැනි තීරණ ගැනීමේදි අදාල ක්ෂේත්‍රයේ අයගෙන් අදහස් නොගන්නේ ඇයි?- ලක්මාල් පෙරේරා මහතා

රජය භාණ්ඩ තුන්සිය පනහක් පමණ ආනයනය තහනම් කිරීමෙන් සුළු මධ්‍යම පරිමාණ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය නැතිවීමෙන් එම කර්මාන්ත බිඳ වැටීමේ හා ඒ නිසා සේවකයින් මිලියන 4.5කගේ රැකියා අහිමිවීමේ අනතුරක් තිබෙන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපතිනි ටානියා එස්.අබේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ(26) කෝට්ටේ මොනාර්ක් ඉම්පිරීයල් හෝටලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහත්මිය මෙසේද කීය……. මෙම ආනයන තහනමට මුලික වශයෙන් භාණ්ඩ ලෙස නම් කළාට ඒ් තුල කොටස්වල මෙම කර්මාන්තවලට උපයෝගිවන විශාල අමුද්‍රව්‍ය තිබෙන බව බලධාරින් නොසලකා හැරීම පුදුමයට කරුණක්. ඒ් මෙය දැනුම නැති නිසා කළාද හිතාමතා කළාද කියා මම දේශීය කර්මාන්ත කරුවන් වෙනුවෙන් ප්‍රශ්න කරන සිටනවා. රජය මෙවැනි තීරණ ගන්නා විට ඒ ක්ෂේත්‍රවල සිටින පළපුරුදු අයගේ අදහස් නොගැනීම නිසා දේශීය කර්මාන්ත කරුවන් ලෙස අද අපි ගැටලු රැසකට මුහුණදී සිටිනවා. එමෙන්ම මෙම තීන්දු තීරණ නිසා රට වැටි ති‌බෙන තත්ත්වයෙන් ඉදිරියට යන්න පුළුවන්ද තවත් වැටෙයිද යන්න කල්පනා කළ යුතුයි. මේවනවිට ඇඟළුම් හා පාවාහන් කර්මාන්තවලින් අපේ රට 80%ක් පමණ ස්වයංපෝෂිතවි තිබුණා දැන් අරගෙන තිබෙන මෙම තීරණ නිසා ඒ්වත් අමුඅමුවේම බිඳවැටෙන තත්ත්වයකට පත්වි තිබෙනවා. රටේ පවතින ඩොලර් ප්‍රශ්නය විසඳන්න අපි ඇතිතරම් යෝජනා රජයට ලබාදී තිබෙනවා. ඉඳිකටු, බොත්තම් පවා ගෙනඒ්ම මින් තහනම්වි තිබෙනවා ඉතිං මේ කර්මාන්ත ඉදිරියට යන්නේ කොහොමද . ඇතමුන් තනතරු ගත්තාට දැනුම නැහැ. ඉතිං සියලු දෙනා අපහසුතාවයට පත්වෙනවා.

මෙම සංසදයේ නියෝජ්‍ය සභාපති , ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරචිච් මහතා…ඇත්තටම ඉදිරියේදි පුද්ගලයකුට නිවසක් ඉදිකර ගැනීම සිහිනයක්. මේවනවිට මේ භාණ්ඩ අතර ඉදිකිරීම්වලට අත්‍යාවශ්‍ය භාණ්ඩවන ජලනල,වතුර මෝටර්, වැහිපීලි,රූෆින් ෂීට්,අලුමීනියම්, ටයිල්. මේවා නැතිවුණාම කොහොමද ගෙවල් ඉදිකරන්නේ. ඔ්නෑම කර්මාන්තශාලාවක සිය නිෂ්පාදනවලින් කොටසයි වෙළෙඳපොළට එවන්නේ අනෙක් කොටස ගබඩාකරනවා.ඒ් ඒ් අයට අවශ්‍ය ටයිල් වර්ග වෙළෙඳපොළේ තිබුණා කොරෝනා කාලයේදි මෙහි ඹාෆියාවක් ඇති කළා. ඒ් සමාගම්වලට 60%ක් පමණ කොටස් තිබෙන අය ආණ්ඩුවත් සමග එකතුවුණා. ඇතැමුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙසත් පත්වුණා. ටයිල් ආනයනය නතර කරන්න කිව්වා. එදා රුපියල් හාරසිය අසුවට තිබුණු ටයිල් කැටය අද වෙළෙඳපොළේ 2600යි. ඒ්ක තමයි මාෆියාව කියන්නේ. ලංකාවේ ටයිල් පරිභෝජනයට වර්ග මීටර් මිලියන තිහක් අවශ්‍ය වුණාම රටේ නිෂ්පාදනය තිබෙන්නේ මිලියන විස්සයි. ඒ් වර්ග මිලියන මීටර් දහයක් ලංකවට ආනයනය කළ යුතුමයි. නැත්නම් ඇතිවන හිඟය නිසා වෙළෙඳපොලේ මිල ඉහල යනවා. මම මේ ගැන ජනාධිපතිට විස්තර ලබාදුන්නා.

දොරගුළු මෙරට නිෂ්පාදනය කරන්න ලබාදුන්නොත් අපි ඒ් අයගෙන් මිලදි ගන්නවා. රටක් දියුණු වෙන්න නම් රටේ නිෂ්පාදන වැඩිකළ යුතුයි. ඒ්වට සැලසුම් අවශ්‍යයි. මේවනවිට සිමෙන්ති නිෂ්පාදනයේ අතිරික්තයක් ඇතිවි තිබෙන අතර එසේ තිබෙද්දීත් සිමෙන්ති ලංකාවට ගෙන්වනවා. ආනයනය කරන්න අවශ්‍ය එකයි නොවන එකයි අපේ නිලධාරින් හඳුනා නොගන්නා නිසා කර්මාන්තකරුවනුත් මහජනතාවත් අමාරුවේ වැටෙනවා.

රජයට අත්‍යාවශ්‍ය නොවන මහජනතාවට අත්‍යාවශ්‍ය වන භාණ්ඩ සොයා බැලීමකින් තොරව ආනයනය තහනම් කර තිබෙනවා. සුළුකර්මාන්තවල අවශ්‍ය ප්‍රතිසංශෝධන සිතන්නේ නැතිව, ඩොලර්එකට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වෙලා,උද්ධමනයට සාපෙක්ෂව පොලි අනුපාත වැඩිකරලා. විදුලිබිල 75%කින් පමණ වැඩිකරලා, ග්‍රමීය කර්මාන්තවලට බලපාන භූමිතෙල් 290%කින් වැඩිකරලා ඒ්නිසා අපි රජයෙන් අහනවා කර්මාන්ත වසා දමලාද උද්ධමනය පාලනය කරන්න යන්නේ කියලා. මේ සියලු හිරිහැර මැද ලබන සඳුදා විසර්ජන පනත මගින් රුපියල් 2.5ක සමාජ ආරක්ෂණ පනතක් ඉදිරිපත් කොට බද්දක් අයකරන්න යනවා. මේ සියලු බර කරේ තියාගෙන කොහොමද ව්‍යාපාර කටයුතු කරන්නේ. ආනයන අපනයන පාලක අමුද්‍රව්‍ය ගෙන ඒ්ම තහනම් කරලා කොහොමද දේශීය කර්මාන්ත නගා සිටුවන්න යන්නේ. අපි මුලින්ම නිෂ්පාදනය කරන්නේ අපේ රටේ ජනතාවගේ පරිභෝජනයටයි. නිලධාරින් ඇතිකරන මාෆියාව මෙයයි. අත්‍යාවහ්‍ය භාණ්ඩ තහනම් කරලා. මහාබැංකු වාර්තාව අනුව 2020දී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවන ප්ලාස්ටික් පනා , කොණ්ඩ බූල්, කොණ්ඩකටු, රබර් බෝල කෝටි හැටතුන්දහස් හාරසිය හැත්තෑහතක් වියදම් කරලා තිබෙනවා. මේවා ආනයනය නවත්වලා සුළුකර්මාන්ත කරුවන්ට මේවා නිෂ්පාදනය කරන්න උදව් කරන්න.

මෙම සංසදයේ ලේකම් ලක්මාල් පෙරේරා මහතා…… සුළු හා මධ්‍ය කර්මාන්ත කරුවන් ලෙස අපි දළදේශීය නිෂ්පාදනයට 52% ක දායකත්වයක් ලබාදෙනවා. විදුලිබිල වැඩිවීම අපිට විශාල ලෙස බලපානවා. අපේ කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ලබා නොදීමද තදින් බලපානවා. මේ කමිටවුවලට විෂය නිපුණතා ඇති අය පත්කරන්න.

මෙම මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය කැඳවා තිබු මෙම මාධ්‍ය හමුවේදි එහි විධායක සාමාජිකයින් වන හිමාල් ආරියසේන හා තුආන් ගවුස් ආෆින් යන මහත්වරුද අදහස් දැක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments