23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරු පත් කෙරේ.

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරු පත් කෙරේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධාන සහ  2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව  (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා,  එස්. බී. දිසානායක මහතා,  පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,  (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,  මයන්ත දිසානායක මහතා,  චාල්ස් නිර්මලනාදන් මහතා,  කේ. සුජිත් සංජය පෙරේරා මහතා,  සාගර කාරියවසම් මහතා සහ  යදාමිණි ගුණවර්ධන මහතා යන මන්ත්‍රීවරයන් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments