22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ඇමැති කංචනගේ අභියෝගය මන්ත්‍රී පාඨලී භාරගනියි.

ඇමැති කංචනගේ අභියෝගය මන්ත්‍රී පාඨලී භාරගනියි.

ඉන්ධන ප්‍රසම්පාදන අධීක්ෂණ කාරක සභාවේ මුල් පුටුව භාරගෙන කරලා පෙන්වන්න! කංචනගෙන් පාඨලීට අභියෝගයක්. පාඨලී ලෑස්තියි!

මේ වනවිට කතාබහට ලක්ව ඇති ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

එහිදී එම කාරක සභාව පිහිටුවා එහි සභාපතිත්වය විපක්ෂයට ලබාදිය යුතු බව ජනාධිපතිවරයා හා සාකච්ජා කල බවත් ඒ අනුව මෙම ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව දිගින් දිගටම දැනුවත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එහි සභාපතිත්වයට පත්කළ යුතු බවත් ඒ මහතාඅවධාරණය කරන ලදී.

ඒ අනුව ඉන්ධන ආනයනයේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව අධික්ෂණය සිදුකිරීම සඳහා නිර්මාණය කරනු ලබන එම නව කාරක සභාවේ සභාපතීත්වය දරමින් එය මෙහෙයවීමට පාඨලී චම්පික රණවක මහතා කැමැත්ත පළකරනු ලැබීය.

එමෙන්ම ඒ මහතා කංචන විජේසේකර මහතා අමතා වැඩිදුරටත් පවසා සිටියේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොව විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත්ය.

මෙය ඔබගේ මාධ්‍යයේ පළකරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments