මෙරට සුවහසක් ශ්‍රාවකයින්ගේ රසවින්දනයට සිය සුභාවිත ගීතය ඔස්සේ ආමනත්ත්‍රණය කළ සුවිශේෂි කලාකරුවෙකු වන ප්‍රවීණ ගායක සහ සංගීතඥ අචාර්ය වික්ටර් රත්නායකයන් යළි වේදිකාවට සම්ප්‍රාප්තවෙයි. ඒ් නව රටාවක සංගීත ප්‍රසංගයක් සමගයි. නවපරපුරේ ශිල්පි සංඛ දිනෙත් සමග එක්වී යුග දෙකක ගී එකමුතුවක් සමග ඉදිරිපත් කරන ‘සංකේත‘ සංගීත සැඳෑව මෙම (24) සවස 7.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.
‘සංකේත ගී සැඳෑව‘ යුග දෙකක් එක් කළ නව මාදීලියේ සංගීත වැඩසටහනක් වෙනු ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණය සුගත් හෙට්ටිආරච්චි වන අතර කථනය දිල්ෂාන් පතිරත්න