29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදේශ්ගත ශ්‍රමිකයින්ගේ හා පැමිණ සිටින අයගේ දරුවන් 232 වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව.

විදේශ්ගත ශ්‍රමිකයින්ගේ හා පැමිණ සිටින අයගේ දරුවන් 232 වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින සහ විදේශ රැකියා නිමකර ආපසු දිවයිනට පැමිණ සිටින විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 232 වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම, (15) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සිදුකෙරිණි.

විගමනික ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා උනන්දු කරවීමේ හා ඊට සවියක් වීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන අද දින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ග්ලෝකල් ෆෙයා 2022 වැඩසටහනට සමගාමීව පැවැත්විණි. මේ අවස්ථාවේදී,

5 වසර ශිෂ්‍යත්වය සමත් දූදරුවන් 20 දෙනෙකු සඳහා, රු.20,000/- බැඟින් ද,අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දූදරුවන් 66 දෙනෙකු සඳහා, රු.25,000/- බැඟින් ද,අ.පො.ස. උසස් පෙළ සමත් දූදරුවන් 22 දෙනෙකු සඳහා, රු.35,000/- බැඟින් ද, ශිෂ්‍යත්ව ප්‍රධානය කරන ලදී.

තවද විදේශ රැකියා වල නිරතව සිටින හා ආපසු පැමිණි විගමනික ශ්‍රමිකයින්ගේ දරුදැරියන් 92ට සඳහා රු.5000/-ක වටිනාකමින් යුත් පාසල් උපකරණ ද මෙම අවස්ථාවේ දී ප්‍රදානය කළේය.

අද දින ප්‍රදානය කරන ලද ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ සඳහා වැය කරන ලද මුදල රු. ලක්ෂ 28ට අධිකය. මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර , ගාල්ල දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ ඇතුලු මහත්ම මහත්මීන් රැසක් සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments