Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය අද (2022 ඔක්තෝබර් 25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඕස්ට්‍රේලියාව සහ කලාපීය රාජ්‍යයන් අතර, ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Indo-Pacific Endeavour වැඩසටහන 2017 වර්ෂයේ සිට ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, Indo-Pacific Endeavour 2022 යටතේ සිදුකරනු ලබන අභ්‍යාස සඳහා සහය ලබාදිමට රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවන් අග්නිදිග ආසියාතික කලාපීය සහ ඉන්දීය සාගර කලාපීය රාජ්‍යයන් වන නැගෙනහිර ටිමෝරය, වියට්නාමය, පිලිපීනය, ලාඕසය, කාම්බෝජය, තායිලන්තය, බෲනායි රාජ්‍ය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, මාලදිවයින සහ ඉන්දියාව යන රාජ්‍යයන් 14 ක් වෙත සංචාරය කරනු ලබයි.
ඒ අනුව, Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය මෙලෙස අද (2022 ඔක්තෝබර් 25) කොළඹ වරායට සේන්දු වූ අතර, කොමදෝරු ‘මැල් වයිස්’ (Cmde Mal Wise), ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබයි.
කොළඹ වරායට සේන්දු වූ Landing Helicopter Dock (LHD) වර්ගයට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ යුද නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් එස්ජේ වෝටර්ස් (Capt SJ Watters) කටයුතු කරනු ලබන අතර, එම නෞකාව දිගින් මීටර් 230 ක් හා නැව් මුළුව 543 ක ගෙන්ද, ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 08 කින්ද සමන්විත වේ. ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කොමාණ්ඩර් DM MCPHERSON කටයුතු කරනු ලබන අතර, එම නෞකාව දිගින් මීටර් 118 ක් හා නැව් මුළුව 191 දෙනෙකු ගෙන්ද, එක් ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවකින්ද සමන්විත වේ.
තවද, Indo-Pacific Endeavour 2022 ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, කොමදෝරු මැල් වයිස් (Cmde Mal Wise) අද (2022 ඔක්තෝබර් 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. එහිදී කොමදෝරු මැල් වයිස් (Cmde Mal Wise) සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් සිදුකෙරුණු අතර, එම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

