26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා පැවති රුපියල් 4,000ක ගාස්තුව රුපියල් 4,600 දක්වා ඉහළ දමා ඇති අතර සීමා සහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා පැවති රුපියල් 20,000ක ගාස්තුව රුපියල් 23,000 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඊට සමගාමීව සමාගම් පනත යටතේ සිදුකරන සියලු ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ද සංශෝධනය කර ඇති අතර රුපියල් 3,000ක්ව පැවති සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,450ක් ලෙස ඉහළ දමා ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments