පසුගිය (12) අහුංගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සඳහා ආධාර අනුබල දුන් සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස් ගතව සිටින ලොකු පැටීගේ ගෝලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් 1 හි නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරීතුමාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් 1 හි පොලිස් පරීක්ෂක වයි.එස්. සුරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) අහුංගල්ල පොලිස් වසමේ තුඩුව පන්සල ඉදිරිපිට සුගත වැඩිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර ඉකුත් (12) අහුන්ගල්ල RIU හෝටලය ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දී T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා තැත් කිරීමේ සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ වරදට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි.මෙම අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස් ගතව සිටින ලොකු පැටී නැමැත්තාගේ මෙහෙයවීම ඉකුත් (12) අහුංගල්ල ප්‍රදේශයේ තට්ට කුමාර නැමැති අනුවර්ථන නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයා ඝාතනය කිරීම සදහා පැමිණි පුද්ගලයින් දෙදෙනා සැකකරුගේ නිවස වෙත රැගෙන ගොස් ඝාතනය සිදු කිරීම සදහා පැමිණෙන ලද මෝටර් රථයේ අංක තහඩු මාරු කර ව්‍යාජ අංක තහඩු යොදා ලොකු පැටී සමගින් සම්බන්ධීකරණය වෙමින් එම වෙඩි තැබීම සදහා යොදා ගන්නා ලද ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිණි අවිය අහුංගල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ලබාගෙන වෙඩික්කරුවන් වෙත ලබා දී තට්ට කුමාර නැමැත්තා වෙඩික්කරුවන් හට පෙන්වා දී ඇත. වෙඩි තැබීමෙන් පසු ඒ සදහා යොදාගත් ගිණි අවිය හා මෝටර් රථය ලොකු පැටීගේ දැනුම්දීම මත මෙම සැකකරු විසින් වෙනත් පාර්ශවයක් වෙත ලබා දී වෙඩික්කරුවන් හට පලා යාම සදහා මග පෙන්වීම සිදු කිරීම මගින් මෙම සැකකරු තට්ට කුමාර නැමැත්තා ඝාතනය කිරීම සදහා අනුබල දීම සිදු කර ඇත