26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්චීනයෙන් නොමිලේ අක්ෂි කාච බද්ධ කිරිමේ වැඩසටහන ආරම්භ කෙරේ (“2023 Brightness Action”)

චීනයෙන් නොමිලේ අක්ෂි කාච බද්ධ කිරිමේ වැඩසටහන ආරම්භ කෙරේ (“2023 Brightness Action”)

ශ්‍රී ලංකාවත් චිනයත් අතර දෙජනතා මිත්‍රත්වය වර්ධනය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සහ චීනයේ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමය (Yunnan Provincial People’s Association for Friendship with Foreign Countries) සමග ඒ්කාබද්ධව සම්පූර්ණයෙන්ම නොමිලේ අක්ෂි කාච බද්ධ කිරිමේ වැඩසටහනක් (“2023 Brightness Action”) ඉකුත් (15) නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් ආරම්භ කෙරිණි. මෙම
වැඩසටහන (17) දක්වා පැවැත්වෙන අතර ප්‍රධාන වෛද්‍ය සත්කාරකත්වය සපයන්නේ යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහලේ හා ලංකා හොස්පිට්ල් හි වෛද්‍යවරුන් විසින් අක්ෂි කාච බද්ධ කිරිම සිදුකලේය.

මෙම සමාජ සත්කාරය සඳහා පූර්ණ සහයෝගය දක්වන්නේ චීනයේ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමයයි. ප්‍රධාන වෛද්‍ය සත්කාරකත්වය සපයන්නේ යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහල යි (The First Affiliated Hospital of Kunming Medical University). දේශීය වෛද්‍ය සත්කාරකත්වය සපයන්නේ ලංකා හොස්පිට්ල් ආයතනයයි. රුපියල් ලක්ෂ 130 කට ආසන්න මුදලක් මෙම වැඩසටහනට යුනාන් පළාත් ආණ්ඩුව විසින් සපයයි.

දිවයිනේ විවිධ පළාත්වලින් වෛද්‍ය නිර්දේශ මත තෝරාගත් 120 දෙනකුට මෙහිදි නොමිලේ අක්ෂි කාච බද්ධ කරන අතර අද දින 40 දෙනකුට අක්ෂි කාච බද්ධ කිරිම සිදුකරීමට කටයුතු සූදානම් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments