26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අඩු සෞඛ්‍යය පහසුකම් පැවති බලංගොඩ ප්‍රදේශයට රුපියල් ලක්ෂ 2273 වියදමින් සෞඛ්‍ය පහසුකම්.

අඩු සෞඛ්‍යය පහසුකම් පැවති බලංගොඩ ප්‍රදේශයට රුපියල් ලක්ෂ 2273 වියදමින් සෞඛ්‍ය පහසුකම්.

දීර්ඝ කාලයක සිට අඩු සෞඛ්‍යය පහසුකම් පැවති බලංගොඩ ප්‍රදේශයට රුපියල් ලක්ෂ 2273 වියදමින් සෞඛ්‍ය මධ්‍යස්ථාන, ප්‍රාථමික සෞඛ්‍යය ඒකක හා රෝහල් ඉදි කිරීමට පියවර ගෙන තිබේ.

හිටපු සෞඛ්‍ය ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් හා මඟ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන වැඩසටහන් ආරම්භ වී තිබේ.

ඒ අනුව බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රාථමික වෛද්‍ය ඒකකය රුපියල් ලක්ෂ 562 මුදලින් සංවර්ධනය වන අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකු අරමුදල් ලබා දී තිබේ.

රජවක ප්‍රාථමික වෛද්‍ය ඒකකය සඳහා ද සඳහා ද රුපියල් ලක්ෂ 544 ක මුදලක් වෙන් කර තිබේ.

බෙලිහුල්ඔය රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා ද රුපියල් ලක්ෂ 480 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

පින්නවල ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකකය සඳහා ද ද රුපියල් ලක්ෂ 512 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දී තිබේ.

ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සීලෝගම සෞඛ්‍ය මධ්‍යස්ථානය රුපියල් ලක්ෂ 80 ක මුදලින් ඉදිකර ජනතා අයිතියට පත් කර තිබේ.

2022 අයවැය යෝජනා මගින් පළාත් සභාව වෙත ලබාදුන් අරමුදල් මගින් හතරබාගේ සෞඛ්‍ය මධ්‍යස්ථානය රුපියල් ලක්ෂ 85 කින් ඉදිකර ජනතා අයිතියට පත්කර තිබේ.

බලංගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින සෞඛ්‍ය මධ්‍යස්ථාන හා රෝහල් නිරීක්ෂණයට ද ඉදිකර අවසන් කළ කළ ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ජනතා අයිතියට පත් කිරීම පසුගියදා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ සහ සෞඛ්ය වෛද්ය නිලධාරීන්ගේ, ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments