22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රිෂාඩ්ට ජනවාරියේ සිට පැළ සිටුවීමට ඉඩ

රිෂාඩ්ට ජනවාරියේ සිට පැළ සිටුවීමට ඉඩ

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අවතැන්වූවන් යළි පදිංචි කිරීමේ දී සිදුව ඇති වන විනාශයට එරෙහිව ලබා දුන් නඩු තීන්දුවට අනුව යළි වන වගා කිරීම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සූදානම් වෙයි.

නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් මත අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. වන සංරක්ෂණ හා වනජීවී අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙම කමිටුව පත් කරනලදී. එම කමිටුව ලබන 12 වැනි ඉරිදාට පෙර වන වගාව යළි සිදු කළ යුතු භූමිය හා පවරා ගන්නා ඉඩම් සිතියම් ගත කර වාර්තාවක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර ප්‍රකාශ කරයි.

එම සිතියම් පරීක්ෂා කර අලි වැට සකස් කිරීම, ජල සම්පාදනය හා වගා කිරීමට යෝජිත ශාක පිළිබඳ වාර්තාවක් දෙසැම්බර් මස 18 වැනි දිනට පෙර කමිටුව අමාත්‍යාංශයට යොමු කළ යුතුයි. එම සියලු වාර්තා සැලකිල්ලට ගනිමින් වැය වාර්තාව දෙසැම්බර් මස 28 වැනි දිනට පෙර අමාත්‍යාංශයට යොමු කළ යුතු බව ලේකම්වරයා කියා සිටියේය. එම වියදම් වාර්තාව අමාත්‍යාංශය විසින් ජනවාරි මස අට වැනිදාට පෙර රිෂාඩ් බදියුද්දීන්ට ලබාදීමට සැලැසුම් කර තිබේ.

ඉන් පසු ජනවාරි මාසයේදීම පැළ සිටුවීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments