22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව චින රජයෙන් මිලදි ගනු ලැබු නව Y-12 වර්ගයේ...

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව චින රජයෙන් මිලදි ගනු ලැබු නව Y-12 වර්ගයේ ගුවන් යානා ද්විත්වය ශ‍්‍රි ලංකාවට

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 (Y- 12) වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය (05 ) දිවයිනට පැමිණියේය.

මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන අතර මානුෂීය මෙහෙයුම් සමයේදී මෙම ගුවන් යානාවන් මගින් සෙබළුන් හා භාණ්ඩ ප‍්‍රවාහනය සිදුකරනු ලැබු අතර වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුමි ඇතුළු යුධ අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලබන අතර දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතාවයන් මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාව ද ඇත.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිම සදහා වත්මන් ගුවන් හමුදාධිපති තුමන් විසින් සිදු කරගෙන යනු ලබන සැලසුමිගත ක‍්‍රියාදාමයේ එක් අදියරක් ලෙස මෙම නව ගුවන් යානා ද්විත්වය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට එක්කර ගැනිම දැක්විය හැක.

නව වයි – 12 (Y -12) වර්ගයේ මගි ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය චිනයේ සිට රත්මලාන ගුවන් හමුදා කදවුරට පැමිණි අතර එම ගුවන් යානා පිළිගැනිමේ අවස්ථාව සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong ඇතුළු ගුවන් හමුදා නිළධාරින් හා සෙසු නිළයන් පිරිසක් සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments