21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඩුබායි රාජ්‍යයේ රැකියා පෙන්වා ලක්ෂ 20 ක් වංචා කළ දිනුෂ්ක අත්අඩංගුවට.

ඩුබායි රාජ්‍යයේ රැකියා පෙන්වා ලක්ෂ 20 ක් වංචා කළ දිනුෂ්ක අත්අඩංගුවට.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් (07) අත්අඩංගුවට ගෙන තිබේ.

බිබිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් පස් දෙනෙකුගෙන් රු. 1, 993,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 5 ක් ලැබී තිබුණි. ඒ අනුව එම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ පුද්ගලයා ඊයේ දින කාර්යාංශයට කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු (07) තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා (08) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments