25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති-ඉන්දික සම්පත් මැරෙන්ජිගේ

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති-ඉන්දික සම්පත් මැරෙන්ජිගේ

වාහන ආනයනය ප්‍රකෘති කරන්න කමිටුවක් හදලා තියෙනවා රජයෙන් කිසිම තීරණයක්කට එළඹිලා නැහැ රජය එවැනි වාහන ගෙන්වන්න
සමාජ මාධ්‍ය තුළින් හදපු නිර්මාණය කරපු දෙයක් මේක කටකතාවක් මේ පැතිරිලා යන්නේ. රජයේ වාහන ගෙන්න තීරණය කරයිද කියලා අපිට තීරණය කරන්න බැහැ හිතන්න අමාරුයි මුදල් සංචිත ප්‍රශ්නෙත් එක්ක
අපි මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් යෝජනා බොහොමයක් කරලා තිබෙනවා මුදල් අමාත්‍යංශය මහා බැංකුව අපේ යෝජනාවලට ඇහුම්කන් දුන්නේ නැහැ
අපි හැමදාම කියන්නේ පොඩියට හරි පටන්ගන්න රටක වාහන ආනයනය පොඩියට හරි පටන් ගත්තොත් මේ වෙළඳපොළ රැඳිල තිබේවි වාහන මිල ගණන් ඉතා ඉහළ ලෙස උච්ඡාවචනය වෙනවා ලක්ෂ හැත්තෑ වාහන 85 ට පමණ යනවා මේ විෂමතාවය නැති කරන්න පොඩියට හරි පටන් ගන්න ඕන වාහන ආනයනය කරන්න බැංකු පද්ධතියේ මුදල් පාවිච්චි නොකර මේ කරන විකල්ප ක්‍රියාමාර්ග තියෙනව ඒවා නිර්මාණය කළ යුතුයි. දැනට මෙච්චර සම්පත් තියෙන රටක් විනාශ මුඛයට ගිහින් ඉවරයි මේ ආර්ථිකය දේශපාලන අධිකාරිය විසින් විනාශ කරලා තියෙන්නේ මේ ගන්න තීරණත් එක්ක මේ රටේ කිසිම ඉදිරියට යෑමක් නෑ වගේ රටට ආදරේ කරන කෙනෙක් රටේ නායකයෝ ඉන්න ඕන.
අපි විශ්ලේෂණයක් කරනවා නම් මට දැනගන්න ලැබුණා මුදල් අමාත්‍යංශයෙන් වාහන විතරක් නෙමේ හැම භාණ්ඩයකම නිෂ්පාදන බද්ද වැඩි කළා ජාත්‍යන්තර ලෝ මූල අරමුදල ඉල්ලීම මත මේක කළේ. වාහන ගෙන්නුවොත් වාහනවල මිල වැඩිවෙනවා දැන් 2015 ලොකු වාසියක් ආණ්ඩුවට යන විදිහට අපි හැදුව ක්‍රමයක් විකිණුම් බද්ධ කියලා සියලු බදු ටික ඒකට ඇතුල් කළා වාහන යක එදා ඒ කරපු වැඩ ඉතා සාර්ථක වැඩක්. නැවතත් මේ විදිහට එකතු කරනකොට වාහන මිල තව වැඩිවෙයි.
දැන් වැට් එක ලක්ෂ පහට වැඩිය වැඩි වෙනවා නම් අපි ඒකට ලියාපදිංචි වෙන්න ඕන දැන් අලුත් ක්‍රමයට බදු ලිපිගොනු අංකයක් ගන්න ඕන අවුරුදු දහ අටට වැඩි නම්.
පුද්ගලික වාහනයක් විකිණුවට ඒකට වැඩ ගෙවන්න වෙන්නේ නැහැ. නමුත් වෙළඳාමට දැන් වාහනයක් දෙකක් විකුණන එක තුළින් විශාල වැඩ්ඩක් ගෙවන්න වෙයි ඕගොල්ලන්ට අවුරුද්ද අන්තිමට
පුද්ගලික ගනුදෙනුව හැර වෙළඳ ගනුදෙනුවක් ලක්ෂ පනහට වැඩි නම් අනිවාර්යෙන්ම වැට් එක වදිනවා. වාහන එක දෙක අරගෙන විකුණන අය බොහෝ පරිස්සම් වෙන්න.
වාහන අරන් එකක් දෙකක් විකුණන අය බැංකුවට සල්ලි දාන්න වෙනවා. එතකොට අවුරුද්ද ඉවර වෙනකොට ඔබට ඔබ එකතු කරපු නැති මුදල් ප්‍රමාණයකට වැඩ්ඩක් ගෙවන්න සිදුවෙනවා. ඒ නිසා මීට පස්සේ වාහන ගනුදෙනු කරනකොට අනිසි ලෙස වාහන ගනුදෙනු කරන්න එපා ලියාපදිංචි වෙලා වාහන ගනුදෙනු කරන්න. ඒ නිසා ඉදිරියේදී වාහනයක් දෙකක් අරගෙන විකුණන එක භයානකයි. ඒ සඳහා එවැනි දෙයක් කරනවා නම් නීත්‍යානුකූල ක්‍රමවේදයටම කරන්න වාහනය ට්‍රාන්ස් කරනකොට ටින් නම්බර් එක දෙන්න ඕනේ. වාහනයක් ගන්නකොට ටින් නම්බර් එක දෙන්න ඕනේ. ඔබ බදු උපදේශකවරයෙක්ගෙන් උදව් අරගෙන පියවරෙන් පියවරට නිසි ලෙස වාහන වෙළඳාම කරන්න
2020 මාර්තුවෙන් පස්සේ වාහන ආනයනය නවත්තල තියෙන්නේ දැනට තියෙන හැටියට කිසිම වාහනයක් ගෙන්නන්න නෑ
වාහන එකලස් කිරීමේ ව්‍යාපෘතියක් මෙරට කරනවනම් ඒ වාහන විතරක් එකලස් කරන්න ඉඩ දෙනවා.
තානාපති කාර්යාලවලට සහ රජයට අවශ්‍ය වාහන ගෙන්වීම් විතරයි කරන්න පුළුවන්.
ජපානේ හරි ඉන්දියාවේ හරි ට්‍රෙඩිට්ලයින් එකක් ගත්තොත් අපේ රටේ නිෂ්පාදන වාහන ගෙවන්න ගන්න දෙනවා කියලා කිව්වොත් ඒවායේ ක්‍රමවේදයක් හැදුනොත් රජයට පුළුවන් ඒ සල්ලි පාවිච්චි කරලා වාහන ගෙන්න දෙන්න. අවශ්‍යතා ගොඩක් තියෙන නිසා වාහන වලට වගේ ඒවගේ සල්ලි පාවිච්චි කරන එක හරිද කියන එක අපිට කියන්න බෑ.
තමන්ගේ වාහනයක් වික්කනට පස්සේ වැට් එකක් වදින්නේ නැහැ වෙළදාම සඳහා වාහන විකුණනවා නම් තමයි වැට් එක වදින්නේ.
අපි යෝජනා ගොඩක් කළා ඒවා කිසි දෙයක් අහන්නේ නැහැ රජය
අග්‍රාමාත්‍යවරයා සහ සංචාරක අමාත්‍යවරයා ප්‍රමුඛ ව සාකච්ඡා තිබුණා මේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන්න සංචාරක ආයතන තියෙනවා හෝටල් තියෙනවා ගයිඩ් ඉන්නවා ඒ ආයතනවලට ලයිසන් එකක් හරි දීලා ගේන ක්‍රමවේදයක් හදන්න ඕනේ වාහන. ලංකාවේ ඉන්න ඕන කෙනෙකුට විදේශ රටවල්වල ඥාතීන් ඉන්නවා සම්බන්ධකම් තියෙනවා සල්ලි ගෙන්න ගන්න පුළුවන් අපිට ඩොලර් එනවා මේ පද්ධතිය තුළින් හරි ක්‍රමවේදයක් හදන එක වැදගත් බලපත්‍රයක් දීලා සුදුසු විදිහට ඒ බලපත්‍රය අයිති විදිහට පාවිච්චි කරන්න දෙන්න හොඳ නැහැ. වාහනයක් ගෙනාවොත් ඒ පුද්ගලයා විතරයි පාවිච්චි කරන්න ඕනේ. ඒක අයිති විදිහට විකුණන්න බිස්නස් කරන්න දෙන්න හොඳ නෑ ඒ වගේ කලොත් සංචාර ව්‍යාපාරයට හොඳක් වෙයි
වෙනත් රටවල මිනිස්සු සල්ලි වන්නේ නැහැ අපේ රටට රටේ ආර්ථිකය ගැන හිතලා ඥාතියකුට සල්ලි එවන වා වෙනුවට වාහනයක් එවන්න ක්‍රමයක් හැදුනොත් අපිත් යෝජනා කළා මේ ක්‍රමය එතකොට වාහනයක් එනවා මුදල් වෙනුවට
වාහන 400 ගානක් වරාය තිබුණා 2020 ඉඳලා ගෙන්නපු වාහන වරා හිරවෙලා තියෙනවා ඒ ටික රිලීස් කරන්න දැන් තමයි තීරණය ගත්තේ. කොච්චර අකාර්යක්ෂමද කියල බලන්න මේ පද්ධතිය කාලෙකට ඉස්සෙල්ලා එන්න තිබ්බ ආදායමක් තාමත් ආවේ නැහැ ලංකාවට මේ තීරණය ගන්න ගොඩක් කල් ගියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments